Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

ලොව මිල අධිකතම දුරකථන 10


10. Nokia Lamborghini 8800 Sirocco: Price is not published

              මෙම  Lamborghini 8800 Sirocco cell phone එකේ  bands තුනක GSM coverage එක තියෙනවා.
                                 ඒ නිසා මෙමෙ cell phone එක මහාද්වීප පහකදී ම භාවිත කරන්න පුළුවන්. මෙහි සාමාන්‍ය cell phone
                                 එකක් වගේ internal memory, TFT display color සහ camera එකක් විශේෂාංග විදිහට තියෙනවා.
                                 වඩා වැඩි විශේෂත්වය
වෙන්නේ මෙය sapphire coated glass භාවිතා කරලා තියෙන නිසා හිරෙන්නේ
                                 නැති වීම. මට හිතෙන විදිහට නම් මේ cell phone එක මිල අධික වෙලා තියෙන්නේ එයට ලැබිල තියෙන
                                 Lamborghini කියන නාමය.  මෙහි Lamborghini පිළිබද වූ wallpapers, screensaver ,ringtones
                                 සහ documentary video අඩංගු වෙලා තියෙනවා.

9. Gold Edition Nokia 8800: $2,700

මෙය Nokia 8800 සාමාන්‍ය cell phone එක වගේමයි. නමුත් මෙහි පිටත ආවරණය රත්තරන් වලින් ආවරණය
                                කරලා තියෙන්නේ.  මෙහි ආවරණය පුද්ගලයන්ගේ අවදානය හොදින් දින ගෙන තියෙනවා. මෙය සාමාන්‍ය
                                smart phone එකක් වන අතර 62,000 color TFT (208 x 208) display screen, SVGA .5 MP
                                camera, MMS, SMS, USB, Java, WAP, Infrared, Bluetooth සහ  Edge connectivity
                                යන විශේෂාංග වලින් සමන්විතයි. තවද FM Radio, Mp3 Player, 64 polyphonic වගේම Video
                                Recording වැනි විශේෂාංගත් මෙහි තියෙනවා.

8. Motorola V220 Special Edition: $51,800


මෙම cell phone එක ලොවට හදුන්වා දෙන්නේ Motorola සමාගම විසින්. මෙම  සුවිශේෂී වූ Motorolla
                                v220 නිර්මාණය කරලා තියෙන්නේ Peter Aloisson කියන Austrian designer කෙනෙක්. මෙය
                                කාන්තාවන්ගේ ආකර්ෂණය දින ගැනීම සදහා විශේෂිතව නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍ය cell
                                phone එකක ඇති විශේෂාංග වලට අමතරව කියන්න තියෙන්නේ මෙහි දියමන්ති 1200 ඔබ්බවා නිපදවා තිබීම.
                                ඒ වගේම  මෙහි යතුරු පුවරුව කැරට් 18 රත්තරන් වලින් නිමවා තිබෙනවා.


7. Vertu Diamond: $88,000



මෙම Vertu diamond cell phone එක වටේ ඉතා කුඩා දියමන්ති  dot අල්ලලා තියෙනවා.
                                යතුරුපුවරුවේ දියමන්ති කැරට් 8 ක ප්‍රමාණයක් තියෙනවා. මෙහි ආවරණය ප්ලැටිනම් වලින් තමයි හදල
                                තියෙන්නේ. මෙය $88,000 වන අතර ලොව පුරා මෙම cell phones 200ක් විකුණලා තියෙනවා.

6. iPhone Princess Plus: $176,400

මෙය Peter Aloisson ගේ තවත් නිර්මාණයක්. මෙයට princess කියන නාම ලැබිල තියෙන්නේ princess
                                හැඩේට කපපු දියමන්ති මෙහි අල්ලලා තියෙන නිසා. තියෙන දියමන්ති 318 න් දියමන්ති 138 ක ම princess
                                කෙනෙක් ගේ හැඩේට කපපු දියමන්ති. කැරට් 17.75 ක දියමන්ති සහ කැරට් 18ක සුදු රත්තරන් මෙහි තියෙනවා.

5. VIPN Black Diamond Smartphone: $300,000


මෙම cell phone එක titan and polycarbonate වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙහි කෙළවරවල්
                                ඉතා sharp ලෙස නිර්මාණය කර ඇති අතරම දියමන්ති වලින් අලංකාර කර තිබෙනවා. මෙය Jaren Goh විසින්
                                කරන ලද නිර්මාණයක්. මෙහි intel 400 Mhz processor සහ 4 mega pixel with 256 TFT screen
                                එකක් විශේෂාංග ලෙස තියෙනවා.


4. Vertu Signature Cobra: $310,000

මෙය  Boucheron නම් වූ ප්‍රංශ රත්තරන් භාණ්ඩ නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරන ලද cell phone එකක්.
                                මෙය ඉතා සීමත නිෂ්පාදන වාර ගණනක් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැනට මෙම cell phone 8 ක්
                                පමණයි  නිපදවල තියෙන්නේ. මෙම cell phone එකේ ඇති නාගයාගේ පිළිරුව  carat round දියමන්ති
                                එකක් ද , carat pear cut දියමන්ති දෙකක්ද , emerald eyes දෙකක්ද , rubies 439 ක් ද යොදා
                                ගෙන නිර්මාණය කරලා තියෙනවා. කැරට් 21 ක දියමන්ති සහ rubies එකතුවක් මෙම cell phone
                                එක නිෂ්පාදනයේදී යොදා ගෙන තිබෙනවා.

3. Diamond Crypto Smartphone: $1.3 million


තවත් Peter Aloisson ගේ නිර්මාණයක්, නිෂ්පාදනය කරලා තියෙන්නේ JSC Ancort විසින්. ප්ලැටිනම් ,
                                දියමන්ති 50ක් නිල දියමන්ති 8ක් භාවිත කර නිෂ්පාදනය කර තිබෙනවා. cell phone එකේ එන navigation
                                key නිර්මාණය කරලා තියෙන්නේ කැරට් 18 rose gold වලින්.

2. GoldVish Le Million: $1.3 million

                Goldvish LeMillion නිර්මාණය කරලා තියෙන්නේ Emmanuel Gueit විසින්. මෙය 2008 වසරේදී ගිනස්
                                ලෝක වාර්තාවක් ද තබා තිබෙනවා.මෙය VVS1 දියමන්ති (only microscopically flawed) සහ කැරට්
                                18ක් සුදු රත්තරන් යොදාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.  2 GB storage, FM radio,
                                digital camera, MP3 playback සහ bluetooth යන විශේෂාංග මෙම cell phone එකෙත්
                                අන්තර්ගත වෙලා තියෙනවා.

 1.       Goldstriker iPhone 3GS Supreme: $3.2 million


මෙය Stuart Hughes නිර්මාණ කරුවාගේ අදහසකට අනුව නිම වුවක්. මෙය 2009 වසරේ
ලොව මිල
                       අධිකම cell phone එක ලෙස නම් කළා. කැරට් 22 කේ නියම රත්තරන් ග්‍රෑම් 271 ක් ද 200 කට වැඩි දියමන්ති
                       ප්‍රමාණයක් ද මෙහි අන්තර්ගතයි. මෙහි පිටුපස ඇති Apple ලාංජනය මැණික් ගල් 53 ක් බාවිතයෙන් නිර්මාණය
                       කර ඇති අතරම cell phone එකේ ඇති home button එක කැරට් 7.1 ක දියමතියකින් යුක්තයි.


                       

Post a Comment

0 Comments