Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Cockroaches named the strongest living creature in the world



මෙලොව සිටින ශක්තිමත්ම ජීවියා ලෙස කැරපොත්තා නම් කර තිබේ. කැරපොත්තා හඳුන්වන Cockroach යන නම සෑදී ඇත්තේ ස්පාංඥ භාෂාවෙනි එහි අරැත Crazy bugහෙවත් පිස්සු කාමියා යන්නයි. එක් සෙරෙප්පු පහරකින් මියයන මෙම සත්වයා ශක්තිමත්ම ජීවියා ලෙස නම්වනුයේ කැරපොත්තා පරිසරයට අනුගත වී ඉදිරියට යන බැවිනි. චාල්ස් ඩාවින්ඩ්ගේ පරිණාමවාදයට අනුව ලෝකයේ ඉදිරියට පැමිණෙනුයේ ශක්තිමත් ජීවින් නොව පවතින පරිසරයට අනුව අනුවර්තන වීමට හැකි ජීවින් පමණි.


කැරපොත්තා ඩයිනොසර යුගයේ පැවත එන සත්වයෙක්වන අතර එමගින් කැරපොත්තාගේ ශක්තිමත්භාවය මනාව පැහැදිලි වේ. න්‍යෂ්ටික යුද්දයකින් පසුව මෙලොව ජිවත් විය හැකි එකම ජීවියා ලෙස කැරපොත්තා හඳුන්වා දිය හැක.මන්ද කැරපොත්තාට සියලුම ශාක මිය ගියත් මියැදුණු ගස් වල ලී වැනි දෙයක් වුවද ආහාරයට ගෙන ජීවත්විය හැකි බැවිනි. මීට අමතරව කැරපොත්තාගේ ශක්තිමත් බාවයට මෙම සාධක ද බලපා තිබේ.
*කැරපොත්තාට සෙල්සියස් අංශක 0 උෂ්ණත්වයේ ජිවත් විය හැක.

කැරපොත්තාට වරක් හුස්ම ගත් විට විනාඩ් 40 ක් පමන හුස්ම අල්ලාගෙන සිටිය හැක එසේම කැරපොත්තා හුස්ම ගන්නේ සිරැරේ දෙපසිනි

*සහරා කාන්තාරයේ වැලි කතරේ වුවද කැරපොත්තාට ජිවත් විය හැක
කැරපොත්තාට පාද 6ක් සහ දණහිස් 18 ක් ඇත.
*කැරපොත්තාගේ කකුලක් කැඩුනොත් සති 3ක් වැනි කාලයක් තුළ ඌට තවත් කකුලක් එනු ලැබේ.
*කැරපොත්තාට දත් තිබෙනුයේ ඌගේ උදරයේ ය.
*කැරපොත්තට හිස නැතුව සති 3ක් 4ක් ජිවත් විය හැක. එසේම උගේ ලේ සුදු පැහැතිය
*කැරපොත්තාට වතුර යට පැයක් දෙකක් හුස්ම අල්ලන් සිටිය හැක
*මෙම සත්වයාට තමාගේ ගමන් දිශාව තත්පරයක් තුළ 25 වතාවක් වෙනස් කළ හැක.



Post a Comment

0 Comments