Hard drivers දිනෙන් දින විශාල වන අතර ඒවා කෙසේ හෝ සෑම වෙලාවකම පිරී පවති. ඔබත් ඔබගේ hard drive එකේ ඇති ඉඩ පිළිබදව උනන්දු වන්නේ නමි පහත ක්‍රම මගින් ඔබට වැදගත් ලිපි සහ වැඩ සටහන් වලට ඉඩ ලබාගත හැකිවේ.
Run Disk Cleanup
Windows මෙහෙයුමි පද්ධතිය සමග තාවකාලික ලිපි ගොනු සහ නොවැදගත් දත්ත මකාදමන උපාංගයක් නිර්මාණය වී පැමිනෙන අතර එයට ඇතුළුවීමට ඔබගේය hard drive මත right click කොට properties තෝරාදෙන්න.



වැඩ සටහන් ඉවත් කිරිමද ඉඩ ලබා දෙන ක්‍රමයකි. නමුත් සමහර වැඩ සටහන් භාවිතා කරන්නේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකි.control panel එකේ ඇති වැඩසටහන් සහ ලක්ෂණ(Programs and features) මගින් ඔබගේ පරිගණකයේ කොපමණ ඉඩක් තිබේදැයි සොයාබලයි. ඒ සදහා ඔබට “Size” නමි තීරුව තෝරා ගැනීමෙන් ඉඩ ප්‍රමාණය කොපමණ භාවිතා කර තිබේදැයි දැනගත හැක. ඔබ එම තීරුව නොදුටුවේ නම් “options” බටනය click කරන්න. එහිදී ඔබට Details view තෝරාගත හැකිය. මෙය සෑම විටම නිවැරදි නොවේ. සමහර වැඩසටහන් ඔවුන් භාවිතා කරන ඉඩ ප්‍රමාණය පිළබදව වාර්තා නොකරයි. එනමි ඔවුන් ඉඩ කොපමණ භාවිතා කළද කිසිම තොරතුරක් “Size” තිරුවේ සදහන් නොකරයි.
ඔබගේ hard drive එකේ ඇත්තටම කොපමණ ඉඩක් කුමක් විසින් භාවිතා කරයිද යන්න hard disk එක විශ්ලේෂණය කරන වැඩසටහනක් මගින් දැනගත හැකිවේ. මෙමගින් ඔබේ hard drive එක scan කොට කුමන ලිපිගොනු ද බොහෝ ඉඩ ප්‍රමාණයක් ගෙන ඇත්තේ යන්න ඉදිරිපත් කරයි. ඔබට මේ සදහා WinDirStat යන්න භාවිතා කළහැක. Scan කිරිමෙන් පසුව WinDirStat ඔබට කුමන ෆෝල්ඩරය, ලිපිගොනු වර්ග සහ ලිපිගොනු ද බොහෝ ඉඩ ප්‍රමාණයක් භාවිතා කර ඇත්තේද යන්න පෙන්වයි. මෙහිදී ඔබ පෞද්ගලික දත්ත ලිපිගොනුවක් හැර කිසිම වැදගත් මෙහෙයුමි ලිපිගොනුවක් මකා නොදැමීමට වග බලාගත යුතුය.
මෙහිදී Windows Disk Cleanup උපාංගය ඉතා ප්‍රයෝජනයවත් වනමුත් එමගින් වෙනත් වැඩසටහන් මගින් භාවිතා කරන තාවකාලික ලිපි ගොනු මකා නොදමයි. උදාහරණයක් ලෙස එමගින් Firefox හෝ Chrome browser වල caches නොදමයි. මේවා hard disk එකේ ඉඩ ගිගා බයිටි ප්‍රමාණයන් ගෙන් භාවිතා කරයි. මේ නිසා ඔබට මේ වෙනුවට CCleaner උපාංගය භාවිතා කළහැක.
ඔබට මේ සදහා Duplicate – file –finder වැඩ සටහන යොදා ගත හැකිය. එමගින් hard drive එකේ ඇති අනවශ්‍ය duplicate ලිපි scan කර මකා දමයි. ඔබට මේ සදහා dupeGuru වැඩ සටහනද භාවිතා කළහැක. මෙය නොමිලේ ලබාදෙන සංස්කරණයක් වන අතර එමගින් එකවර ලිපිගොනු 10ක් මකා දැමිමට හෝ ඉවත් කිරිමට පුළුවන.
Reduce the amount of Space Used for System Restore
Systemrestore මගින් hard drive එකේ ඉඩ බොහෝ ප්‍රමාණයක් restore කරුණු සදහා වෙන් කරයි නමි ඔබට ඒ සදහා hard disk එකේ වෙන් කර ඇති ඉඩ අඩුකළ හැක.
Nuclear Options
මෙම කරුණු ඉඩ ප්‍රමාණයක් ඉතිරි කරදෙන අතර මුත් ඒවා Windows හි වැදගත් ලක්ෂණ ක්‍රියාවිරහිත කිරීමට හේතුවිය හැක. එම නිසා අප මේවා භාවිතා කිරිම අනුමත නොකරන මුත් ඔබට තවත් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නමි මේවා භාවිතා කළහැක.
Disable Hibernation
ඔබගේ පද්ධතිය hibernate වන විට එය එහි අඩංගු දේ එහි Ram එකෙන් ඔබගේ hard drive එකට ලබාදේ. Windows ඔබගේ Ram එකේඅඩංගු දේ C:\hiberfil.sys file එකෙහි ගබඩා කරයි.hard drive එකේ ඉඩ ලබා ගැනීමට ඔබට මෙම hibernate එක නැවැත්විය හැක.
• Disable System Restore
System Restore එකේ ඉඩ ප්‍රමාණය අඩුකිරිම එතරමි හොද දෙයක්නොවේ. ඔබට System Restore නැවැත්වියහැක.
0 Comments