අපට
එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. . ජංගම
දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන්
දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත්
වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ?
එසේනම් ජාලයක් යනු කුමක්ද ?
- පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.
- ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
- මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
1.මොකක් ද මේ Network එකක් කියන්නේ..?
කෙටියෙන්ම කිව්වොත් පරිගණකයන්ට තවත් බොහෝ පරිගණක සමග සන්නිවේදනයෙහි කිරීම හා එහි සම්පත් හවුලේ බෙදා හදා ගැනීමටය.
උදා : මේ රූපයෙන් පෙනෙන්නෙත් ඉතා කුඩා ජාලකරණයක් මෙහි පරිගණක Data, Printer 1ක් සවිකලහොත් එයද Share කල හැක, තව මේකට Router 1 සම්භන්ද කලොත් Internet පවා බෙදා දිමට හැකියි.. :)
පහලින් ඇති රූපය බලන්න
මේ රූපයෙ තියෙන්නේ Modem 1කින් Router/Switch 1කට Connect කරලා Pc 2කට
Connect කරලා 1ක Pc එකක Printer 1ක් Set කරලා.. මේ Pc 2කටම Derect Internet
ලැබෙන අතර Printer 1ක Share කර ඇත්නම් Pc දෙකෙන්ම Printout දැමිය හැක...
මන් හිතනවා Basic idea 1ක් යන්න ඇති කියලා..
ඉදිරි පාඩම් වලදි මේ පිලිබද සවිස්තරාත්මකව කියා දෙන්නම්.. :)
2.පරිගනක ජාලයක මුලික කොටස් මොනාද..?(Basic Component of the Network)
- PC
- NIC(Network Interface Card)
- HUB
- SWITCH
- ROUTER
- TRANSMISSION MEDIA
*PC
PC එකක් යනු
දෙනලද දත්තයන් දී ඇති උපදෙස් මත ක්‍රියාකරණ යන්ත්‍රයකි.
*NIC (Network Interface Card)
ඔය රූපයේ තියෙන්නේ Onboard Network Port 1ක්... ;) (RJ45 Port)

ඔය රූපයේ තියෙන්නේ Separate Network Card.. (RJ45 Port) මෙය Plug කරනු ලබන්නේ PCI Port 1කටය..
ඔය රූපයෙ තියෙන්නේ USB To Lan කියන Technologyය.. Mother Board 1කේ Network Port 1ක පිච්චුනාම ඉතින් Pc 1ක ගලවලා ටිකාක් විතර නාන්න එපැයි.එ දගලපු කාලේ ඉවරයි... USB Port 1කට ගැහුවා Driver 1ක Install කලා වැඩේ ගොඩ.. ;)
NIC යනු
පරිගණකයේ දත්ත හුවමාරු කිරිමට පරිගණකයේ Inbult or Separate මේ RJ45
Port 1ක එනවා.. මේ ගැන නම් වඩිය කියන්න දෙයක් නෑ.. ඕනම Network Card 1ක්
එක්කම එනවා Unic Address 1ක් එක තමයි Mac Address 1ක් කියන්නේ. Mac Address 1ක හැදෙන විදිය පහල රූපසටහනේ ඇති..
*HUB
පරිගණක ජාලයෙ අනිකුත් පරිගනක එක් කරන උපකරණයකි.. මධ්‍ය ඒකකය නැතහොත් MAU උපකරණයක් යොදා තනන ලද ජාලයක් STAR ක්‍රමය වෙ..
මෙහි HUB වර්ග 2 ක් ඇත.
- PASSIVE HUB
- ACTIVE HUB
Passive Hub
වලදී සිදු කරනු ලබන්නේ ඒ ඒ පරිගණක වලට කේබල් සම්බන්දතා ලබා දීම පමණකි .POWER ලබා දීමට අවශ්‍ය නැත .දත්ත ගලායාම පාලනයකින් තොරය .එක පරිගණකයකින් නිකුත් කරන ලද දත්ත අනෙක් සෑම පරිගනයකටම යොමු කරනු ලබයි.
Active Hub
වලදී ඉහත කරුණු කරනා එසේම පැවතියද ,අතිරේකව බලය සැපයිය යුතු වීම හා එම Active Hub පරිගණක ජාලය තුල දත්ත සංඥා (SIGNALS) වර්ධනය කරන නිසා Active Hub එකකින් තවත් එකකින් තවත් Active Hub කට සම්බන් ද කල හැකිවීම මගින් ජාලය පුළුල් කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානතම වෙනස් කම වේ.Passive Hub වලදී ජාලය පුළුල් කිරීමට නොහැකිවන අතර ,එයට සම්බන්ද කල හැක්කේ අඩු පරිගණක සංඛ්‍යාවකි.එයට හේතුව නම් පරිගණක සංඛ්‍යාව වැඩිවත්ම දත්ත සංඥා (SIGNALS) වල ප්‍රභල තාව (STRENGTH) අඩු වීමයි.
Network Types
පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් ,
- PAN - Personal Area Networks
- LAN - Local Area Networks
- MAN - Metropolitan Area Networks
- WAN - Wide Area Networks
- VPN - Virtual Private Networks
- PAN
PAN
එකක් යනු තනි පුද්ගලයෙක් සතු පරිගණකයක් හා වෙනත් උපකරණ සමග තොරතුරු
හුවමාරුව සඳහා උපයෝගී කරගන්න ජාලයකි. පරිගණයක ඇති පmp3 ගොනුවක් Bluetooth
තාක්ෂණය භාවිතයෙන් ජංගම දුරකතනයකට හෝ mp3 player එකකට ලබා ගැනීම මේ සඳහා
උදාහරණයකි. PAN එකක් සඳහා රැහන් සහිත හා රැහැන් රහිත උපාංග දෙවර්ගයම භාවිතා
කරනු ලැබේ.- LAN
LAN
එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් ,
පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි
පුද්ගලයෙකුගේ (Network Administrator) පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.- WAN
- MAN
- Network Types
- Bus Topology
- Star Topology
- Tree Topology
- Ring Topology
- Bus Topology
සියළුම
Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු
කිරීමෙන් ලැඛෙන ජාල රටාවට topology එක යැයි කියනු ලැබේ. Node එකක් එකතු
කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්‍රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන
වාසියකි. සියළුම Nodes වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ
විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.- Star Topology
Star
topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodesමධ්‍යගතව
ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට Node එකතු
කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව
ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට
ලැඛෙන දුර්වල කමකි.- Tree Topology
ඉහතදී
අප සාකච්ඡා කල Bus හා Tree යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree topology
එක සැලකිය හැක.Star topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන්
කිහිපයක් Bus topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක
ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන
වාසියක් වේ.- Ring Topology
සෑම
Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ
කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල Ring topology එකට අයත් වේ. පරිගණක ජාලයේ
යාබදව නොපවතින node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත්
Nodes හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.




0 Comments