Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

අඟහරුගේ කැණීම් කටයුතු වල ස්වභාවය කියුරියෝසිටි රෝවරයේ " සෙල්ෆී " ඡායාරූපය මඟින් එළිදක්වයි.




පසුගියදා නාසා ආයතනය විසින් කියුරියෝසිටි රෝවරය මඟින් ගනු ලැබූ ස්වයං - ඡායාරූපයක් නිකුත් කරනු ලැබීය.

 පසුගිය මාස 5ක කාලයක සිට මෙම රෝවරය අඟහරු ග්‍රහයාගේ පාරම්ප් නිම්නය තුල පාෂාණ හා පස් විශ්ලේෂණය කරමින් කටයුතු කරන අතර එහි කැණීම් කටයුතු ආරම්භ කර ඇති ආකාරය ඡායාරූපය ඔස්සේ එළිදක්වා තිබේ.


 නවතම " කියුරියෝසිටි සෙල්ෆී " ඡායාරූපය ජනවාරී මාසයේ දී ගන්නා ලද එකකි. එහි අඟහරු ග්‍රහයාගේ මොජාව් ප්‍රදේශයේ කැණීම් කටයුතුවල දර්ශන ඇතුලත් වී ඇත. රෝවරයේ රොබෝ අතෙහි සවිකර ඇති කැමරා මඟින් ගන්නා ලද මොසැක් රූප සියල්ල කැටි කොට නිර්මාණය කර ඇති ඡායාරූපය තුල කැණීම් කටයුතු වල ස්භාවය අන්තර්ගත වී ඇත. 


පාරම්ප් නිම්නයේ හා මොජාව් පෙදෙසේ කැණීම් කටයුතු කල රෝවරය මේ වන විට විශ්ලේෂණ කටයුතු සඳහා ඒවායේ සාම්පල එකතු කරගනිමින් පවතී. ඉන්පසු මෙම රෝවරය ඊට නුදුරින් පිහිටි ටෙලිග්‍රාෆ් ශිඛරය කරා ලඟා වනු ඇත. මීළඟ ගමනාන්තය ලෙස රෝවරය විසින් ටෙලිගාෆ් ශිඛරය තෝරාගෙන ඇත්තේ මෙම භූමි භාගය ආශ්‍රිතව ඇල්ෆා අංශු එක්ස් කිරණ වර්ණාවලිමානයෙන් මිනුම් ගත කිරීමෙන් ලැබුණු දත්තයන් පදනම් කරගෙනය. 


මෙම කියුරියෝසිටි රෝවරයෙන් ගත් සාම්පල කිහිපයක ඇලුමිණියම්,මැග්නීසියම් හා සිලිකන් වලින් පොහොසත් වූ පස් කොටස් තිබී ඇත. ඒවායේ ඛණිජ සංයුතිය විශ්ලේෂණය කිරීම සඳහා ඒවා රෝවරයේ පිහිටි මෙවලමක් වෙත යවා තිබේ. ටෙලිගාෆ් ශිඛරය තුළින්ද සිලිකා ස්ථර වල අඩංගු මැග්නීසියම් හා ඇලුමිණියම් කොටස් සොයාගැනීමට හැකිවේ යැයි දක්නට ලැබුණු නිසා ඒ වෙතට රෝවරය යැවීමට කටයුතු කර ඇති බව නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිලධරයෙකු වන ඩග් මින්ග් මහතා ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එහි ආම්ලික ක්ෂරණයක් වී තිබේ නම් ඒ භූමියේ පිහිටි ඛණිජ ද්‍රව්‍ය මොනවාද යන්න රසායන විද්‍යාව ඇසුරින් සොයාගැනීමට හැකියාවක් ඇති බවයි.

අඟහරු ග්‍රහයා මතට කියුරියෝසිටි රෝවරයක් යැවූ 2012 වසරේ සිට විවිධ කැණීම් මෙහෙයුම් දියත් කර තිබේ. අලුතින් ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් වලට සම්පූර්ණ ගැඹුරු විදුම් උපකරණ යොදාගෙන ඇතත් ඒ සඳහා තවමත් සැලකිය යුතු අන්දමේ අවධානමක් ඇති වී නොමැති බව මෙහි පර්යේෂකයන් පවසා තිබේ.

Post a Comment

0 Comments