The Million Dollar Laptop
මෙම නාමයෙන් හැඳින්වෙන්නේ එංගලන්තයේ Luvaglio නමැත්තා විසින් නිෂ්පාදනය කරන ලද ලැප්ටොප් පරිගණකය යි. අඟල් 17ක විශාලත්වයකින් යුතු LED තිරයක් මෙහි භාවිත වන අතර, තිරයේ දීප්තිමත් බව හා සුපැහැදිලි බව සුරැකෙන පරිදි නිෂ්පාදනය කර තිබේ. 128GB අභ්‍යන්තර මතක ධාරිතාවකින් සමන්විත මෙහි අනන්‍යයතාව තහවුරු කර ගැනීම සඳහා, පරිගණකයට සුවිශේෂ වූ දියමන්ති කැබැල්ලක් ඇතුළු කිරීම සිදු කරනු ලැබේ.
Rolltop
Orkin විසින් නිෂ්පාදනය කරන ලද මෙහි OLED තිරයක් දැක ගත හැකි වේ. අඟල් 17ක සම්පූර්ණ තිර විශාලත්වයකින් සමන්විත වන මෙය, අවශ්‍ය වූ විටෙක අඟල් 13 දක්වා කුඩා කර ගැනීමේ අවස්ථාව ද සැලසේ. එවිට එය ක්‍රියා කරනුයේ ටැබ්ලටයක් පරිද්දෙනි.
Steampunk Laptop
කුඩා සංගීත උපකරණයක ස්වරූපය ගන්නා මෙහි, අතින් කැටයම් කරන ලද ලී ආවරණයක් දැක ගත හැකි වේ. Windows XP, Ubuntu, Linux යන සියලු මෙහෙයුම් පද්ධති මෙහි ක්‍රියාත්මක වන අතර, මෙය ක්‍රියාත්මක කළ හැක්කේ පැරණි ඔරලෝසුවක් වයින් කිරීමට යොදා ගන්නා ලද යතුරක් වැනි උපකරණයකිනි!
Thinkpad නව සංස්කරණය
IBM සමාගම සිය ලැප්ටොප් නිෂ්පාදනය Lenovo වෙත භාර කළ මොහොතේ බොහෝ දෙනා බිය වූයේ Thinkpadහි ගුණාත්මක භාවය හීන වීම පිළිබඳ ව ය. එහෙත් එය වඩාත් සංවර්ධනය වූයේ බොහෝ දෙනා ගේ අවධානය දිනා ගනිමිනි.
Ergonomic Dual Screen Split Keyboard Laptop
තිර දෙකකින් සමන්විත මෙහි, යතුරුපුවරුවෙහි අනෙක් පස ඇත්තේ තවත් තිරයකි. මෙය සැබැවින් ම විස්මිත නිමැවුමක් වන අතර, තිර දෙක අතර යම් යම් දත්ත හුවමාරුව වුව ද වඩා පහසුවෙන් සිදු කළ හැකි ය.
HP Girly Laptop
මෙය කාන්තාවන් සඳහා සුවිශේෂ වූ ලැප්ටොප් පරිගණකයකි. Nikita Buyanov විසින් සැලසුම් කරන ලද මෙහි විලාසිතාව, හැඩරුව ආදිය කාන්තාවන් ගේ මානසිකත්වයට ගැළපෙන ලෙස සැලසුම් කර ඇති නමුත්, මෙම පරිගණකය තව ම නිෂ්පාදනය වී නොමැත.
Canova's Dual-Screen Laptop
මෙය ද තිර දෙකකින් සමන්විත වන අතර, තිර දෙක ම touch පහසුකමෙන් යුක්ත ය. මනා නිමාවකින් සහ විශේෂ පහසුකම්වලින් ද සමන්විත වන මෙය අලෙවි වන්නේ ඉතාලියේ හා ඕස්ට්‍රේලියාවේ පමණි.
Fujitsu's DJ Laptop
අඟල් 20ක ප්‍රධාන තිරයකින් සමන්විත මෙම පරිගණකය අනෙක් පසට කරකවා එහි ඇති තිරය භාවිත කිරීම ඕනෑ ම අවස්ථාවක ඉතා පහසුවෙන් සිදු කළ හැකි ය. එම අමතර තිරය touch පහසුකමෙන් සමන්විත වේ.
TYPE-N01 Emergency Laptop
අඟල් 15.4ක් විශාල තිරයකින් සමන්විත වන මෙම පරිගණකයෙහි සුවිශේෂත්වය වන්නේ Emergency Button එක යි. අනපේක්ෂිත ව එළඹෙන අන්තරායකර අවස්ථාවක දී පරිගණකය ස්වයංක්‍රීයවම ක්‍රියා විරහිත වීම මෙමගින් සිදු වේ. මෙම සැකැස්ම සිදු කරන ලද්දේ දිගු කාලයක් මුළුල්ලේ සිදු කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.
2015 Compenion Laptop
OLED touch තිරයකින් සමන්විත වන මෙම පරිගණකයෙහි, ප්‍රධාන තිරය යට තවත් අතුරු තිරයක් පවතී. සෙසු අවස්ථාවල දී ඒ මත යතුරුපුවරුව රැඳවිය හැකි වේ. වැඩ කටයුතු සිදු කිරීමට ඉතා පහසු ආකාරයෙන් සැලසුම් කර ඇති මෙය, නුදුරු අනාගතයේ දී ම දැක බලා ගැනීමේ හැකියාව අපට ලැබෙනු ඇත.
0 Comments