වලාකුළු අතර ගෑවෙන්නට
තරම් උසට රාජධානි සාදාගෙන ජීවත් වූ කුමාරිකාවන් , රජවරුන් ගැන අප අසා ඇත්තේ ඩිස්නිලන්තයේ
කතන්දර වලිනි.
දැනටත් අපි එවන් කතන්දර වල විචිත්‍රත්වය අප ඩිස්නි චිත්‍රපට
වලින් රස විඳිමු.
හුදෙක් මායාවක් වුවත්,
එවන් කතන්දර වලට,
වලාකුළු අතර තැනුන
එවන් රජදහනක ජීවත් වීමේ ආසාව අපගේ
සිත්වල කොනක හැංගී ඇති
බව නම් ඔබ අප සියල්ලන්ම දන්නා කරුණකි.කෙසේ වුවත් එම සිහිනය, තව දුරටත්
සිහිනයක් නොවන බවට කිව
හැකි පුවතක් චීනයෙන් වාර්තා වේ. පොලොව මට්ටමේ සිට අඩි 2230ක් දක්වා
උසකට නිර්මාණය වන මෙම
ගොඩනැගිල්ල පිළිබඳව අදහස ඉදිරිපත් කර තිබුනේ චීනයේ නව ව්‍යාපාර
අදහස් පිළිබඳව තිබුණු
තරඟයකදීය. "Cloud Citizen"
නමින්
හැඳින්වුණු එහි ආකෘතියට එම තරඟාවලියේ
ප්‍රථම ස්ථානය හිමි
වුනි.
මෙම නව නිවාස
සංකීර්ණය සූර්ය ශක්තිය හා සුළං ශක්තිය ද ප්‍රයෝජනයට ති හැකි ආකාරයෙන් සකසා ඇත.
එසේම වැසි වතුර ඵලදායි
ලෙස යොදාගන්නටද එය සමත්ය. හොං කොං දේශයේ Urban Future සංවිධානය ද ,
ස්වීඩනයේ Chalmers
Technical විශ්වවිද්‍යාලය
අංක එක වූ චීනයේ ශේන්සෙන් හි CR Design ආයතනයද ඉහත
මූලධර්මය සාර්ථක එකක් බවට එකඟතාවය පල කර ඇත.
මෙම අදහස
ඉදිරිපත් කරන ලද තරඟාවලියේ සැඟවුණු අදහස වුයේ අදාළ නිර්මාණකරුවන්ට ලන්ඩනයේ කැනරි
වාර්ෆ් ,
නිව්යෝර්ක් හි මෑන්හැටන් නගර මධ්‍යය වැනි ව්‍යාපාරික
අතින් ඉතාම සුවිශේෂී තැනක් ගත හැකි ආකාරයේ ව්‍යාපාර
නගරයක නගරයක ආකෘතියක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව
ලබා දීමයි. ඉහත දක්වූ නගර සියල්ල
පරයමින්
Cloud Citizen නමින් හැඳින්වූ ඉහත ගොඩනැගිල්ල සහිත ව්‍යාපාර
දිස්ත්‍රික්කය පිළිබඳව අදහසට ඉතා විශාල
අවධානයක් ලැබුණි.
ඉතාම
කැපවීමෙන් කටයුතු කල නිර්මාණකරුවන් 12 දෙනෙකු මේ සඳහා දායක වුනි. පරිසර හිතකාමී ලෙස
සූර්යාලෝකය , සුළඟ හා වැසි ජලය වැනි
ස්වභාවධර්මයෙන් තිලිණ කරන සම්පත් ප්‍රයෝජනයට ගැනීමට හැකි
වන පරිද්දෙන් මෙම අදහස
සහිත ආකෘති ගොඩනැගිල්ල සකස් වී ඇත. එසේම මෙම ව්‍යාපාර දිස්ත්‍රික්කය තුල
තොරතුරු තාක්ෂනය,
ව්‍යාපාර හා වෙළඳ
කටයුතු, විනෝදාත්මක
අංග , සංස්කෘතික
කටයුතු ආදී සියලුම අංශ
ආදියට ඉඩ හසර ලබා දී
ඇත. මෙහි නිර්මාණකරුවන්ගේ මූලිකම අරමුණ
පරිසර හානිය වලකමින් ,
සූර්යාලෝකය , සුළඟ හා වැසි ජලය වැනි
ස්වභාවික සම්පත් වලින් ලබා ගන්නා අස්වැන්න ,
පරිසරයටම මුදාහරිමින්
පරිසරයට හිතකාමී නගරයක් බිහි කිරීමය.
අහස උසට බැඳී
ගොඩනැගිලි වලින් සමන්විත වන මෙම ව්‍යාපාර දිස්ත්‍රික්කය සැබවින්ම ඉතාම චමත්කාරජනක
වන අතර, කුඩා කල අප ඇසු ,
වර්තමානයේ අප දකින
ඩිස්නිලන්තයේ චිත්‍රපට වල ඇති වලාකුළු රජදහන් වලට
නව ආරක් දෙන්නක් බව කිව හැකිය.
0 Comments