Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

ඇයි ?




දිය යට සිදුකරණ පෑස්සුම් වලදී කාර්මිකයාට විදුලි සැර නොවදින්නේ ඇයි ?

                 ජලය ලෝහ හා ඇම්පියර් සිය ගණනක විදුලි ධාරාවක් යනු ඉතාමත් බියකරු සංයෝජනයක් බව සැබෑය.
                                 කෙසේ වුවත් දිය යට දී සිදුකන පෑස්සුම් වලදී පෑස්සුම් ශිල්පියා සිටින්නේ සුවිශේෂී කිමිදුම් කුටියක් තුළය.
                                 එසේ නොමැති වුවත් ඔහුගේ කිමිදුම් ඇඳුම ජලයෙන් බාධා නොවන ඉලෙක්ට්‍රෝඩ යොදා ආරක්ෂණය කර ඇත.

                                 එබැවින් නිසි ලෙස පරීක්ෂාකර නිසි තත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතුව දිය යට පෑස්සුම් ශිල්පියාට විදුලි සැර වැදීමේ
                                 සම්භාවිතාව ඉතාමත් අඩුය.



මොළයේ දකුණු පැත්ත වැඩියෙන් නිර්මාණ ශීලී යැයි පවසන්නේ ඇයි ?

මිනිස් මොළය ආශ්‍රිතව සිදුකළ නවතම පරීක්ෂන වලට අනුව මෙම කියමනෙහි සත්‍යතාවක් නැති බව පැවසිය යුතුය.
                                 මොලයේ විවිධ ප්‍රදේශ විවිධ කාර්යයන් සඳහා (දෘෂ්ඨිය, ඇසීම, චලනය, හා ස්පර්ෂය) විශේෂණය වී ඇති බව
                                 සැබෑය. කෙසේ වුවත් බොහෝ කාර්යයන් වලදී මොළයේ වම්පස හා දකුණු පස එක්ව ක්‍රියාකරයි. එබැවින්
                                 නිර්මාණශීලීත්වය යනු පූර්ණ මොලයේ ඒකාබද්ධ ව්‍යායාමයකි.

සමනලුන් පක්ෂීන් මෙන් සෘජු රේඛාවල පියඹා නොයන්නේ ඇයි ?
  සමනලුන්ගේ තටු යනු පියෑඹීමට මූලික කර්තව්‍ය කරගෙන සැකසුනු ව්‍යුහයෝ නොවෙති. ඒවා පැයෑඹීමට
                                   අමතරව ගස්වල අතුමත සැඟවී සිටීමට මෙන්ම සමනලයා කෙතරම් හොඳ හා දක්ෂ පියාසරයන් නොවේ.
                                   දෙවැනි කරුණ වන්නේ සමනලුන්ගේ අක්‍රමවත් හා අසම්මත පියාසර රටාව විසා විලෝපිකයන්ට සමනලුන්
                                   අල්ලා ගැනීම අපහසු වීමයි. සමහර සමනලුන්ට සිය ශරීරයේ දිගටත්වඩා අඩු දුරකදී ක්ෂණිකව 90 ක් හැරීමට
                                   හැකියාව ඇත.

පෘථිවියට නම ලැබුනේ කෙසේද ?

    පෘථිවියට විවිධ භාෂා වලින් විවිධ වචන යොදා ඇත. මෙවන් බොහෝ වචන වල අර්ථය පොළව”, “භූමිය
                                                වැනි අරැතක් ලබා දෙයි. මෙයට හේතුව වන්නේ බොහෝ භාශා වලින් පෘථිවියට නම් යොදන විට මෙය ග්‍රහ
                                                ලොවක් බව මිනිසා දැන නොසිටි නිසාය. ඔවුන් සරලව තම පයට පෑගෙන බිමටයෙදූ නමම පසුකාලීනව
                                                ග්‍රහලොවෙ හැඳින්වීමට යොදා ගන්නා ලදී.

වවුලාගේ නාදය එකිනෙකාගේ නාදයන් සමග මිශ්‍ර වී ව්‍යාකූල බවත් ඇති නොවන්නේ ඇයි ?


  වවුලා තම අත් ධ්වනි තරංග මෙහෙයවන විට උට එය නැවත ඇසෙන්නේ තම කටහඬ මෙනි. අප සැමට අපගේ
                                  කටහඩ හඳුනාගත හැකිවාක් මෙන් තමාගේ හඩ හඳුගා ගැනීමට වවුලාට හැකිය. ඊට අමතරව අවශ්‍ය වූ විටක හඬ
                                  පරාසය හර්ටිස් කීපයකින් වෙනස් කිරීමට වවුලාට හැකියාව ඇත. එබැවින් වවුලන් එකිනෙකාගේ හඬින්
                                  ව්‍යාකූලත්වයට පත්වීම සිදුවීම වලකී.

ලොව ජනප්‍රිය Smart phone Apps මොනවාද?
  
2014 වසරේ පූර්ණ සමීක්ෂණයක් තවමත් සිදුකර නොමැති බැවින් ඔබට 2013 වසරේ සංඛ්‍යා දත්ත ඉදිරිපත්
                                  කරන්නෙමු මිලියන 970 ක් අතරින් ජනප්‍රියතම දුරකථන වැඩසටහන වූයේ Google Maps ඇප් එකයි.
                                  දෙවැන්න Facebook වූ අතර තෙවැන්න ඔබ කිසිදිනෙක අසාවත් නොමැති wei xin නම් වූ චීනයේ
                                  නිෂ්පාදිත ඇප් එකයි. මෙය චීනයේ ඉතා ජනප්‍රිය Chat හා voice message ඇප් එකකි. චීනයේ
                                  ජනගහනය අති විශාල බැවින් මෙම ඇප්එක වැඩියෙන්ම භාවිතා වන ඇප් අතරට එක්වී ඇත.


විදුලිය කොපමණ වේගයකින් ගමන් කරනවාද ?
                   ඉලෙක්ට්‍රෝණයක් සන්නායකයක් තුලින් ගමන් කරන සාමාන්‍ය වේගය තත්පරයට මිලිමීටර එකක් පමණ වෙයි.
                                   විද්‍යුත් ධාරාවකදී සිදුවන්නේ මෙවන් ඉලෙක්ට්‍රෝණ හරහා විද්‍යුත් චුම්භක තරංගයක් ගමන් කිරීම නිසා
                                   ඉලෙක්ට්‍රෝන අධි වේගයෙන් ඉදිරියට තල්ලු වීමයි. විදුලිය ආලෝකයේ වේගයෙන් 90% ක පමණ
                                   වේගයෙන් හෙවත් තත්පරයට කිලෝමීටර 270 000 ක වේගයෙන් ගමන් කරයි.


යමෙක් දුරකථනයෙන් කථාකරන විට එහාමෙහා ඇවිදින්නේ කඩදාසි වල යම් යම් දේ කුරුටු ගාන්නේ ඇයි?

බොහෝ විට මෙය සිදුවීමට හේතුව ඇමතුම සිදුවන අතරේ යමක් කිරීමට ඇති වන ආවේනික අවශ්‍යතාව,
                                                කළබලකාරීබව හෝ ඇමතුමේ ඇති නොවැදගත් බව වියහැකිය. අප සාමාන්‍ය සංවාදයක නියැලීමේ දී
                                                අංග චලන ආදිය මගින් බොහෝ ක්‍රියාකාරී වන බැවින් දුරකථන ඇමතුමකදී ද එම ක්‍රියාශීලීත්වය නිතැතින්ම
                                                අප වෙත ලඟා වෙයි. එබැවින් අප යමක් සිදුකිරීමේ දී අවශ්‍ය තාවය නිසා එහා මෙහා ඇවිදීම හෝ කුරුටු
                                                ගෑම සිදු කරයි.


Post a Comment

0 Comments