Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

ලෝකයේ හොඳම පුස්තකාල


1. ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය-ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව



        ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඉතා පුරාණ කාලයේ පටන් පැවතෙන අති විශාල පුස්තකාලයකි.  මෙය ලෝක

        පුදුමයන් අතරින් එකක් ලෙස පවා ගැනේ. දැනට පවතින පුස්තකාලය මෑතකදී නැවත ගොඩනැගුවක් වන අතර,
        අතීත ශ්‍රී විභූතිය තවමත් එහි දැකිය හැකියි. ඩොලර් මිලියන 220 ක් වැයකරමින් ඉදිකරන ලද මෙම දැවැන්ත
        පුස්තකාලය තනා නිම කරන ලද්දේ 2002 වසරේදීයි. සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතායට ගැනෙන
        මෙහි ග්‍රහලෝකාගාරයක්, පැරණි අත් පිටපත් ප්‍රතිෂ්ඨාපනය කරන පර්යේෂණාගාරයක්,කළා භවනක් හා
        සම්මන්ත්‍රණ ශාලා පහසුකම් මෙන්ම කෞතුකාගාරයක් ද අඩංගු වේ. කුඩා දරුවන්ට, තරුණයින්ට, අන්ධ
        අයට වෙන වෙනම තැනූ පුස්තකාල මෙහි ඇත. දැනට මෙහි පොත් ලක්ෂ 05 ක් පමණ තිබේ.




2.ජේ වෝර්කර් පුද්ගලික පුස්තකාලය - කනෙක්ටිකට්
       
        ඇමෙරිකානු නව නිපැයුම්කරුවෙක් සහ ව්‍යවසායකයෙක් වූ ජේ වෝර්කර් විසින් සිය පෞද්ගලික ධනය යොදා
        තනන ලද පුද්ගලික පුස්තකාලයක් වන මෙය ඉතා සුවිශේෂී එකකි. ජේ වෝර්කර් විසින් සිය පුස්තකාලය
        පිළිබඳව හඳුන්වන ලද්දේ “මිනිස් පරිකල්පනයේ ඉතිහාසය පිළිබඳව වූ වෝර්කර් පුස්තකාලය” යන නමිනි.
        මෙහි පොත් 50,000 ක පමණ එකතුවක් දක්නට ලැබේ. ඉතා පැරණි හා දුර්ලභ පොත් ඇතුළත් වන මෙම
        පුස්තකාලය ලොව ප්‍රමුඛ පුස්තකාලයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. වරක් Wired නම් සඟරාව විසින්
        මෙම පුස්තකාලය හැඳින්වූයේ ලොව විස්මයජනකම පුස්තකාලය ලෙසයි. මෙය පුද්ගලික දේපලක් නිසා
        පුස්තකාලයේ පොත් පරිහරණය සඳහා පොදු ජනතාවට ඉඩ නොලැබුනත්,පුස්තකාලයේ නිමාව හා පොත් පත් හි දුර්ලභත්වය නිසා විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගැනේ.
 
3.ශාන්ත ගෝල් ආශ්‍රම පුස්තකාලය - සෙන්ට් ගැලන්, ස්විට්සර්ලන්තය


         මෙය ස්විට්සර්ලන්තයේ ඇති පැරණිතම පුස්තකාලයයි. පොත් 160,000 ක් පමණ අඩංගු වේ. පූජකාරාමයක්
         සතු ලොව පැරණිතම පුස්තකාලය වන්නේද මෙයයි. ක්‍රි.ව. අටවැනි ශත වර්ෂය තරම් පැරණි කාලයේ ලේඛන
         පිටපත් පවා මෙහි අන්තර්ගත වන බව පැවසේ. 1983 දී මෙම පුස්තකාලය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට
         පත් කර ඇත්තේ මෙහි ඇති සුවිශේෂී බව නිසාමයි. පුස්තකාලය සතු පැරණි ලියකියවිලි අන්තර්ජාලය මගින්
         පවා කියැවිය හැකි අතර, මෙම පුස්තකාලය මහජනයා සඳහා විවෘතව පවතින එකක් වීම ද විශේෂයකි.
         කෙසේ වෙතත් 1900 වසරට වඩා පැරණි පොත්පත් බැහැර නොදෙන අතර, පුස්තකාලය තුළදී පමණක්
         කියවීමට අවසර ලැබේ.

4.ජේ වෝර්කර් පුද්ගලික පුස්තකාලය - කනෙක්ටිකට්



ඇමෙරිකානු නව නිපැයුම්කරුවෙක් සහ ව්‍යවසායකයෙක් වූ ජේ වෝර්කර් විසින් සිය පෞද්ගලික ධනය යොදා
        තනන ලද පුද්ගලික පුස්තකාලයක් වන මෙය ඉතා සුවිශේෂී එකකි. ජේ වෝර්කර් විසින් සිය පුස්තකාලය
        පිළිබඳව හඳුන්වන ලද්දේ “මිනිස් පරිකල්පනයේ ඉතිහාසය පිළිබඳව වූ වෝර්කර් පුස්තකාලය” යන නමිනි.
        මෙහි පොත් 50,000 ක පමණ එකතුවක් දක්නට ලැබේ. ඉතා පැරණි හා දුර්ලභ පොත් ඇතුළත් වන මෙම
        පුස්තකාලය ලොව ප්‍රමුඛ පුස්තකාලයක් ලෙසින් හඳුන්වාදිය හැකියි. වරක් Wired නම් සඟරාව විසින්
        මෙම පුස්තකාලය හැඳින්වූයේ ලොව විස්මයජනකම පුස්තකාලය ලෙසයි. මෙය පුද්ගලික දේපලක් නිසා
        පුස්තකාලයේ පොත් පරිහරණය සඳහා පොදු ජනතාවට ඉඩ නොලැබුනත්,පුස්තකාලයේ නිමාව හා පොත් පත් හි දුර්ලභත්වය නිසා විශිෂ්ඨ පුස්තකාලයක් ලෙස පිළිගැනේ.
       
5.සියැටල් මධ්‍යම පුස්තකාලය - සියැටල් නගරය, වොෂිංටන්



         2004 වසරේදී මහජනයා සඳහා විවෘත වූ මේ ආශ්චර්යමත් පුස්තකාලය නූතන ඉදිකිරීම් තාක්ෂණයේ විස්මය
           විදහා පෙන්වයි. වානේ සැකිල්ල මත වීදුරු වලින් නිමවුනු මෙම පුස්තකාලය එහි නිමාව නිසාම සුවිශේෂී වෙයි.
           ඉඩ ඇහිරුණු,අඳුරු ස්ථාන වශයෙන් සාම්ප්‍රදායිකවම පුස්තකාල සඳහා හිමිව තිබුණු පිළිගැනීම මේ සියැටල්
           පුස්තකාලය මගින් බිඳ හෙලා තිබේ. මෙය හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක් වන අතර වීදුරු යොදා තිබීම නිසා
           එලිමහනේ සිට කියවන්නාක් මෙන් හැඟීමක් ලැබේ. මිලියන 1.5 ක් පමණ වූ ග්‍රන්ථ ප්‍රමාණයක් මෙහි ගබඩා
           කළ හැකි අතර වසරකට මිලියන දෙකක පමණ පිරිසකට මෙම පුස්තකාලය සිය සේවය සපයයි.
 

       
       

Post a Comment

0 Comments