Google සමාගම ලොව
ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය Google crime, Android, Google Drive වැනි
නිමැවුම් වල
නිමැවුම්කරුවා බව අප දනිමු. කෙස් වුවත් ඔබ නොදන්නා Google හි ප්‍රයෝජනවත්
ආකර්ෂනීය
සේවාවන්
රාශියක් ඇති බව දැන සිටියාද ?
Google හි “20%
time policy” නම් වැඩසටහනට
අනුව සියලු
Google සේවකයෝ සතියට
එක් දිනක් නව නිපැයුම
ක් නිර්මාණය කිරීමට කැප කරති. මේ නිසා Google හි
අප්‍රකට එහෙත්
අගනා වැඩසටහන් රාශියක් අන්තර්ජාලයේ ඇත. මේ එයින් කිහිපයකි.
1.Google Tends visualizer (goo.gl/f54gv)
අමුතුම ආකාරයේ
News සේවාවකැයි කිව
හැකි මෙය හරහා ඔබට ලෝකයේ ඉතාමත් වේගවත් හා බොහෝ
දෙනා අතර
පැතිරීයන මාතෘකා මොනවාදැයි දර්ශනය කරයි. බැලූ බැල්මට මෙය තරමක් වටහා ගැනීමට අපහසු
වුවද ලොව
වඩාත් ජනප්‍රිය මාතෘකා මොනවා දැයි මේ හරහා දැනගත හැකිය.
2.world wonders project (goo.gl / oqIN1C)
Google earth හි street
view උපයෝගී කරගෙන
නිර්මාණය කර ඇති සේවාවන් වන world windows
project හෙවත් ලෝක
පුදුම ව්‍යාපෘතිය හරහා ඔබට ලෝකයේ පුදුමාකාර ජනප්‍රිය ස්ථාන වල ඡායාරූප අගනා
360o ක දෘශ්ඨි
කෝණයකින් නැරඹිය හැකිය.
3.Google public data Explore (goo.gl / dMK8xc)
විශ්වවිද්‍යාල
සිසුන්ට, සමාජ විද්‍යාව
හදාරන්නට මෙන්ම සංඛ්‍යා දත්ත පිළිබඳව අවධානයෙන් සිටින අයට
ගැලපෙන
සේවාවන් වන මෙය හරහා ලෝක සංවර්ධන නිර්ණායක x හා y අක්ෂ වලට යොදා එම
නිර්ණායක වලට
ලෝකයේ අයත්වන ප්‍රතිශතයන් ප්‍රදේශ හා ජනකොට්ඨාශයන් පිළිබඳ අවබෝධයක්
ලබා ගත හැකිය.
4.Evolution of the Web (www.evlutionof the web.com)
වෙබ් ඉතිහාසය,
බ්‍රවුසර් වල ඉතිහාසය
අන්තර්ජාල වෙබි අඩවි හා බ්‍රවුසර්වල භාවිතා කරන තාක්ෂණයන්හි
විකාෂණය
පිළිබඳ සරලව හා ආකර්ශණීයව තොරතුරු ගෙනඑන එක සමාන සේවාවකි.
5.Ingress (www.ingress.com)
2013 වසරේ හොඳම Android
පරිගණක ක්‍රීඩාව ලෙසද
තවත් සම්මාන රාශියක් ද ලබාගත් Ingress යනු අප ජීවත්
වන වටපිටාවම
ක්‍රීඩාවකට හරවන Google හි නව නිපැයුමකි. Android
හා ios සඳහා සකසා ඇති මෙම ක්‍රීඩාව
සමාජ ශාලා,
ජීවන රටා හා ව්‍යායාම
යන සංකල්ප රාශියක් එක් කොට නිර්මාණය කරන ලද්දක් බව පැවසේ.
6.Google Sky / Google moon / Google Mars
Google Earth හරහා පෘථිවිය
නරඹන ආකාරයටම චන්ද්‍රයා මත අඟහරු ග්‍රහයා මත හා විශ්වය දෙස බැලීමට
මෙම සේවා
හඳුන්වා දී තිබේ. මේවාට පිවිසීමට ඔබට Google තුළ Search කර ක්ෂණිකව අදාල සේවාවට
පිවිසීමට
හැකිය.
7.Build Lego with Chrome(www.buildeithchrome.com)
ඔබ Lego හි Building Blocks මගින් විවිධ නිර්මාණ
කිරීමට කැමති ද ? එසේ නම් මෙම
සේවාව හරහා
ඔබට විවේකීව
සිටින විට Lego Blocks සමගින් විවිධාකාර
නිර්මාණ කිරීමේ හැකියාව ලබාදෙයි.
8.Google Art Project (goo.gl/ 4Gpfho)
ලොව සුප්‍රකට
කෘතුකාගාර 400 ක පමණ
ඡායාරූප හා විස්තර අඩංගු මෙම සේවා හරහා ලොව සුප්‍රකට කලාකෘති
ගණනාවක් ඔබේ
දෑස ඉදිරිපිට ඇති ලෙසට නිරීක්ෂණය කිරීමට හා ඒ පිළිබඳ තොරතුරු ද ලබා ගැනීමට සැලසේ.
9.Google Earth Flight Simulator
Google earth හි PC සංස්කරණය Download කර එහි Tools හරහා Enter flight Simulator
විධානය ලබා
දුන් පසු ඔබට මෙම සේවාව හරහා ගුවන් යානයක ගමන් කරන ආකාරයට Google ලෝක
සිතියම
නැරඹීමට හැකිය.
0 Comments