Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

MultiUser PC එක කොම්පුටෙර් න් හතර දෙනෙක් වැඩ කිරීම.


මේ පින්තුරේ බලලා Multi User ගැන පොඩි අවබෝදයක් දැනට ගන්නකෝ.......
මේ MultiUser PC ගැනයි. සාමාන්‍යයෙන් අපි Multi User කියන එකෙන් අදහස් කරන්නෙ operating system එකක් හරි application software එකක් හරි එකවර users ලා කීපදෙනෙක් පරිශීලනය කිරීමයි. ඇත්තටම මෙතන වෙන්නෙත් ඒදේම තමයි. හැ‍බැයි ක්‍රමය වෙනස්.
තනි PC එකක් කීපදෙනෙක් (දෙදෙනෙක් හෝ හතරදෙනෙක්) එකවර හවුලේ වෙන වෙනම පාවිච්චි කිරීම තමයි MultiUser PC කියල කියන්නෙ.

මෙහිදී සිදුවන්නේ එකම PC එකක් එකවිටම කීපදෙනෙකුට වෙනවෙනම පාවිච්චියට ලබාදීමයි. එනම් මෙහිදී එකම පරිගණකය පරිශීලකයන් කීපදෙනෙකුට එකවර එහි ඇති applications පරිශීලනය කිරීමට හැකියාව ඇත. උදාහරණයක් විධිහට එකම CPU එකක් හරහා 4 දෙනෙකුට වෙන වෙනම word, excel, internet, paint වගේ applications 4ක් වෙන වෙනම එකම වෙලාවේදී භාවිතා කරන්න පුලුවන්. මෙහි ප්‍රධාන පරිගණකයේ CPU එකට අමතරව අනෙකුත් පරිශීලකයන්ට අවශ්‍ය වන්නේ Monitor, Keyboard, සහ Mouse එකක් පමණි..


MultiUser PC එකක් හදන්න multi-user card එකක්, multi-user station එකක් ඕනවෙනවා. මේ උපකරණ KIT එක දැනට වෙළදපොළේ ගන්න තියෙනවා. මිළ රු. 40,000 සිට ඉහළට තියෙනවා. කොහොම වුනත් MultiUser PC එකක් හදන්න නං පරිගණකය ටිකක් හොද මට්ටමේ එකක් වෙන්න ඕනෙ. අඩුම තරමේ Dual Core හරි එතනින් එහා වගේ එකක් නං වඩාත් හොදයි. මුලින්ම multi-user card එක PCI slot එකක් හර‍හා පරිගණකයට සම්බන්ධ කරන්න. ඊට පස්සෙ එහි ඇති Ethernet ports වලට embedded_multi-user_card multi-user stations අවශ්‍ය ප්‍රමාණයට (සාමාන්‍යයෙන් උපරිම 4ක්) CAT-5 කේබල් හරහා සම්බන්ධ කරන්න.  අවසානයේ multi-user stations වලට වෙනවෙනම Monitors, Keyboards, සහ Mouse සම්බන්ධ කරන්න.  දැන් පරිගණකය on කිරීමෙන් පසු හැම දෙනාටම එකවර තනි CPU එකක් හරහා වැඩ කිරීම‍ට හැක.



embedded_multi-user_card.jpg

කොහොම වුණත් සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන software applications වන office, internet, email හැර ටිකක් බරවැඩි software applications භාවිතය මෙහි අපහසුය. කොහොම වුණත් පරිගණක කීපයකට යන වියදම මෙමගින් අඩුකරගත හැක......නමුත්මෙය එතරම්සාර්ථක නැත....(ලොකු වැඩවලට)

Post a Comment

0 Comments