Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

5 Tricks to Protect Your Information from Internet Thieves


ඔබ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරීමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ
ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක    මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට
හැකිබව සහතික විය හැක.




1. ටෝර් නම් ව්‍යාපෘතිය


ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය ලොව වට භාවිතා වෙන
මෘදුකාංග අතරින් විශිෂ්ටතම එක බව බොහෝ දෙන පිළිගනී. එය ඔබට ටෝර් භාවිතා
කිරීමට හැකි බ්‍රව්සරයක් ද සමග ගත හැක. ටෝර් කොතරම් සුරක්ෂිතද කිවහොත් රුසියාවේ ජනාධිපති ව්ලැඩමියර් පුටින්, ටෝර් බ්‍රව්සරයේ
රහස් හොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 140ක පමණ තෑගි මුදලක් ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.



2. ඩක් ඩක් ගෝ

මෙය ගූගල් වැනි තවත් සර්ච් වෙබ් අඩවියක්, නමුත් මෙහි ඇති වෙනස වන්නේ ඔබගේ කිසිම තොරතුරක් මොවුන් තබා නොගන්න බවයි.


3. ගෝස්ටරි

ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබ ක්ලික් කරනා සෑම දේ සහ බලන සෑම දේම විශාල සමාගම් එකතු කරන බව ඔබ නොදන්නවා විය හැකියි. එලෙස ඇති, විශාල පාරිභෝගික රැචි අරැචි දත්ත
ගබඩා කොට මෙම සමාගම් ඔබට ගැලපෙන ලෙස දැන්වීම් ලබාදීම් මෙහි මුලික අරමුණකි. ගොස්ටරි මෙම “ට්‍රැකර්ස්” හඳුනාගෙන ඔබගේ
තොරතුරු අරාක්ෂා කර දේ.


4. ක්‍රිප්ටෝ කැට්

ක්‍රිප්ටෝ කැට් සුරක්ෂිත පණිවිඩ යවීමට යොදාගන්නා මෘදුකාංගයකි. මෙය ඔබගේ බ්‍රව්සරයට එක් කරගත හැකි ය. මෙය ඉතාමත්
ජනප්‍රිය පණිවුඩ හුවමාරු කරගන්නා උපකරණයකි. බොහෝ රටවල මාධ්‍යවේදින් මෙය දැඩි ලෙස භාවිතා කරන්නේ මෙහි යවන්නා සහ
ලබාගන්නාට අමතරව කිසිම අතරමදියෙකුට දත්ත කියවීමට නොහැකි බැවිණි.


5. HTTPS ඒව්රිවේයා

සෑමතැනම සුරක්ෂිත සම්බන්ධ ලබාදීම මෙහි පරමාර්ථයයි, මෙය Chrome, Firefox සහ Opera වැනි ‍බ්‍රව්සර් වලට එකතු කරගත
හැකි දිගුවකි (Extention) .මෙය ස්ථාපිත වූ පසු ඔබ “http ://” යොදා වෙබ් අඩවියකට සම්බන්ධ වීමට උත්සහ කරනවානම් එය ඉබේම “https://” ලෙස භාවිතා
කීරීමට පටන් ගනී.

Post a Comment

0 Comments