Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

සාම්ප්රදායික බයිසිකල් ලොක් එක ඉවතට

බයිසිකලයේ හතරැස් හැඩලය ආරක්ෂිත ලොක් එකක් බවට හැරෙයි


සියැටල් හි සමාගම් දෙකක සංකල්පයකට අනුව බිහිවූ ඩෙනී පාපැදිය ආරක්ෂිවත අංග රැුසකින්ම නිර්මාණය වී ඇත. ස්වයංක්රීය ගියර් ධාවකය, එයටම සම්බන්ධිත විදුලි ආලෝක පද්ධතිය සහ කඳු ගමන් පහසු කරවීම සඳහා වූ විදුලි මෝටරය මෙහි ඇති නවතාවයන්ය......
මෙහි නිර්මාපකයින්ගේ මූලිකම අවශ්යතාවය වූයේ බයිසිකල් පැදීම හිතට කිසිම බරක් නැති සියයට සියයක්ම වගකීමෙන් තොර වූවක් බවට පත් කිරීමයි.



විවිධාකාරයේ නවීන සුඛෝපභෝගී අංගයන් එක් කළ පාපැදියකින් ජේත්තුකාර ගමනක් යාමට ඇති මිනිසුන්ගේ  ආශාව යම්තාක් මැඩ පැවැත්වීමට පාපැදි සොරුන් සමත් වී ඇත. මෙයට පිළියමක් වශයෙන් පාපැදි හැඩලයම ඉතා  ශක්තිමත් ලොක් එකක් බටව හැරවීමට සියැටල් හි සමාගම් දෙකක එකමුතුවක් කල්පනා කරන්නට යෙදුණි.
ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගන්වමින් තම පාපැදිය සොරුන්ගෙන් බේරා ගැනීමට ඉතා බර ලොක් එකක් තැන තැන රැගෙන යාමේ කරදරයෙන් ඔබව මුදවා ගැනීමට ඔවුහු සමත් වූහ.


නාගරික භාවිතයට ඔබින විශිෂ්ට පාපැදියක් නිර්මාණය කිරීම ඉලක්ක කොට ගත් ඔරිගොන් මැනිෆෙස්ට් පාපැදි නිර්මාණ ව්යාපෘතියෙන් ජය ගැනීමට ඩෙනීට හැකි විය.

 ඩෙනී පාපැදිය අතීතයේ ඉතාම සුන්දර හා විනෝදජනක අත්දැකීමක් පැවති පාපැදි චාරිකාව නැවතත් කරළියට රැගෙන එන බවට එහි නිර්මාපකයින් පවසා සිටියි. සැබැවින්ම එය සත්යයකි. මක්නිසාද යත් අප සැවොම ළමා කල පටන්ම බයිසිකල් පැදීමට බෙහෙවින්ම ප්රිය කළ නිසාවෙනි.

Post a Comment

0 Comments