"පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක" මේ ශුද්ධ වූ බයිබලයේ සනිටුහන් වන ප්‍රථම වගන්තියයි. ලොව පුරා විසිරි සිටින ක්‍රිස්තු බැතිමතුන්ගේ අත්පොත ලෙස සැලකෙන බයිබලය, සර්වබලධාරී දෙවියන් වහන්සේ සංකේතාත්මක කරන දෙවියන් වහන්සේ ජීවමාන සලකුණු අතුරින් එකකි. මන්ද යත් අප දෙවියන් වහන්සේ හැබැහින් දැක නැතත් උන්වහන්සේ ජීවමානව සිටි කල , උන්වහන්සේ කල කී දෑ සටහන් වන්නේ එහි වන බැවිනි.
කෙසේ හෝ වේවා මේ කියන්නට යන පුවත බයිබලය ගැන කියවෙන්නක් නොවේ. සාමාන්‍යයෙන් අප පල්ලියකට ගිය මොහොතකදී හෝ යම් ක්‍රිස්තු ධර්මය සඳහන් සඟරාවක , පින්තුරයක , පොතක අප දැක ඇති සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ රුව අප දන්නා කාලයේ පටන් අප දැක ඇත්තේ එකම ආකාරයකටය. නමුත් මෑතකදී ස්පාඤ්ඤයෙන් මෙයට වඩා තරමක් වෙනස් පුවතක් වාර්තා වේ. මේ අවධාරණය ඒ පිලිබඳවය. ස්පාඤ්ඤ පුරාවිද්‍යාඥවරයන් පිරිසකගේ කැනීම් කටයුතු වලින් සොයාගන්නා ලද වීදුරු පිඟානක සනිටුහන් වී ඇති දෙවියන් වහන්සේගේ මෙම රුව තුලින් දිස් වන්නේ අපට දැක පුරුදු දිගු හිසකේ සහිත රැවුල වැවුණු මුහුණ නොවන අතර, එය බොකුටු හිසකේ සහිත රැවුල රහිත මුහුණකි. මෙය ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසට පමණ සැලකෙන පිඟානක් වන අතර එහි උන්වහන්සේගේ රුව ඇතුළුව පීතර සහ පාවුළු යන අනුගාමිකයන්ගේ රුව ලෙස සැලකිය හැකි රූපද දක්නට ඇත.
0 Comments