"නැට්ට
වගේ යන යන යන තැන පස්සෙන් එනවා" අප මෙසේ කියන්නේ යම් පුද්ගලයෙකු හෝ සතෙකු හෝ යම් කෙනෙක් ආරක්ෂාව හෝ වෙන යම් හේතුවක් නිසා හැමවිටම ඔබ පසු පසින්ම
පැමිණෙන
විටය. ඉදින් මෙවැන්නක්ම සිදු කල හැකි තාක්ෂණික උපාංගයක් නිපදවා ඇතැයි දැනගන්නට ලැබුනහොත් ඔබ විශ්වාස කරනවාද? එවන් උපාංගයක් පිළිබඳවයි.
Quadcopter යනු ඔබ අප හැමදෙනෙකුම හොඳින් හඳුනන හෙලිකොප්ටරයේ යොදාගෙන ඇති මූලධර්මයම
භාවිතා කරමින් නිර්මාණය කරන ලද්දක් වන අතර මෙය මෝටර මඟින් ක්රියාත්මක වන අවාන්
4කින් සමන්විත එකකි. පසුගිය වසරේ 3D
Robotics මඟින් එහි Iris quadcopter drone නිර්මාණය
හඳුන්වා දුන් අතර , එය අනෙකුත් quadcopter
මෙන්ම දුරස්ථ පාලකයක් මඟින් හෝ GPS තාක්ෂනය භාවිතා කරමින් කලින් නම් කරන ලද ලක්ෂ්යයන් කිහිපයක් අතර ගමන් කිරීමට හැකි වන පරිදි සැකසිය හැකිය. මෙම 3D Robotics සමාගමේ උණුසුම්
පුවත් අතර වන නවතම ප්රවෘත්තිය නම්, Iris
quadcopter drone හි නවීකරණය කරන ලද Iris + හි නිෂ්පාදන
කටයුතු මේ වන විට ඉතා සාර්ථකව අවසන් කර ඇති බවය .
මෙම නවිකෘත
Iris + ට , ස්වයංක්‍රීයව පියාසර කල හැකි අතර එහි සම්පූර්ණ පාලනය GPS සක්රිය කරවන ලද ඇන්රොයිඩ් උපාංගයකින් සිදු කල හැකිය. එයින් හැඟවෙන්නේ GoPro කැමරාවක් යොදා ගනිමින් එයට පහල අවකාශයේ වන සිදුවීම්, පුද්ගලයන් හෝ වස්තු පිළිබඳව අවධානයෙන් සිටිය හැකි බවය. කෙටියෙන්ම කියතොත් මෙය මඟින් ඔබට ඔබවම ලුහුබැඳවිය හැකිය.
ඔබ හෝ ඔබගේ ඇන්රොයිඩ් උපාංගය පමණක් නොව, එහි ඇති Follow me නම් මාදිලිය සක්රිය කල විට , Tarot
T-2D #මෝටරයක් මඟින් බලය සපයා ගන්නා gimbal
mount උපකරණය මඟින් Iris +හි යොදා ඇති කැමරාව ඔබව මධ්යගත #කරමින් ඡායාරූපය ගැනීමට සමත් කරවයි.
එසේම එමඟින් x හා y අක්ෂ දෙකටම කැමරාව කරකැවිය හැකිය. මෙහි ගුවන් #ගත කිරීම GoPro Hero 3+ කැමරාවක් සහිතව හෝ රහිතව සිදු කල හැකිය. එය මෙම
Iris + භාවිතා කරන පුද්ගලයාගේ අවශ්යතාවය මත පදනම් වන්නකි. මෙහිදී මතක තබාගත යුතු කරුණ නම් , මෙය ගුවන් ගත කිරීම සම්බන්ධ කාරණයේදී ඒවායේ කිසිඳු ලෙසකට අවකාශයේ ඇති සංඝට්ටන මග හැරීමට ක්රමයක් නොමැති වීමයි.
එම නිසා මෙහි පවතින Follow Me මාදිලිය සක්රිය කර ගුවන් ගත කරන අවස්ථාවකදී එය හැකි තාක් බාධක රහිත අවකාශයක ගුවන් ගත කිරීමට වග බලා ගත යුතුය.
Iris+ රේඩියෝ පාලන පද්ධතියක් ද අන්තර්ගත කර පියාසර කරවිය හැකි අතර Mac, Windows, ඇන්රොයිඩ් හෝ Linux උපාංගයකට සම්බන්ධ කරමින් වුවද භාවිතා කල හැකිය.ඇන්රොයිඩ් භාවිතා කරන්නේ නම් , DroidPlanner නම් යෙදුම (app) භාවිතා කරමින්ද ඔබගේ ඇඟිල්ල දිගු කරන දෙසට, හෝ ඒ රටාවට quadcopter
යානය පියාසර කරවීමට ඔබට හැකිය.
අව බලය යටතේ පියාසර කරන අවස්ථාවකදී නම් , එය ගුවන්ගත වීම ඇරඹු ස්ථානයටම ස්වයංක්රියව පැමිණීමට Iris+ ට හැකිය. වරක් ආරෝපණය කරන ලද බැටරිය මිනිත්තු 15 සිට 20ක් දක්වා වූ පියාසර කාලයකට උරුමකම් කියන අතර, එයට පාරිසරික තත්ත්වද බලපෑම් කරයි. එසේම LED බල්බ භාවිතය නිසා එය පියාසර කරන මොහොතකදී පහසුවෙන් හඳුනාගැනීමට ද හැකියාව ලැබේ. මෙම නව Iris+ බරින් අඩු වන නිසා භාවිතයද පහසු වේ.
0 Comments