Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

එබෝලා වෛරසය ඇමරිකානු ජෛව අවියක් ද ???


බටහිර අප්රිකාවෙන් මතුවූ මාරාන්තික එබෝලා වෛරසය ඇමරිකාව විසින් නිෂ්පාදිත ජෛව අවියක් (Bio Weapon) බව ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.



 ඉලිනොයිස් විශ්ව විද්යාලයේ ජාත්යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය රැන්සිස් . බොයිල් පවසන්නේ එබෝලා වෛරසය බටහිර අපරිකාව තුළ පැතිර ගියේ සෞඛ් පහසුකම්, ඖෂධ ආදියේ හිගතාවයක් නිසා බව කීම හුදු රචාරණ වැඩපිළිවෙළක් බවයි

එය බටහිර අපරිකාවේ නිශ්චිත කලාපයක් තුළ පමණක් පැතිරගිය බවත් ඇමරිකානු වසංගත පාලන මධ්යස්ථානය විසින් පිහිටුවා ඇති ජෛව අවි පර්යේෂණාගාර වල පිහිටීම වසංගතය පැතිරගිය රදේශය හා සබැඳියාවක් දක්වන බවත් ඔහුගේ අදහසයි.

 මෙවර පැතිර යන එබෝලා වෛරසය මෙතෙක් හඳුනාගෙන ඇති  එබෝලා කාණ්ඩ 5න් වඩා මාරාන්තික සයරේ-එබෝලා වන අතර එය 1976දී මුලින්ම වසංගතයක් ලෙස පැතිරගිය පසු ඇමරිකානු පර්යේෂණාගාර විසින් ලබාගන්නට ඇතැයි මහාචාර්ය බොයිල් පවසා තිබේ.


ලයිබීරියානු විශ්වවිද්යාලයේ හා ඩෙලවෙයාර් විශ්වවිද්යාලයේ ආචාර්ය සිරිල් බ්රොඩරික් පවසා ඇත්තේ එබෝලා වෛරසය පැතිරයාම පිළිබඳ සැබෑ තොරතුරු පෙන්ටගනය හා වසංගත පාලන මධ්යස්ථානය දන්නා හෙයින් ඔවුන් පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන බවයි.එය ජෛව අවි අත්හදා බැලීමක් හෝ පර්යේෂණාගාරයකින් කාන්දු වීමක් විය හැකි බවද ඔහු පවසා තිබේ.

Post a Comment

0 Comments