Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

The world's smallest Bible is produced




දිනෙන් දින සීඝ්රයෙන් වෙනස් වන ලෝකය තුළ නව නිපැයුමි රාශියක් දිනකට බිහිවේ. එමගින් මිනිසා හා තාක්ෂණය අතර සමිබන්ධතාවය වැඩි දියුණුවේ. ලොව කුඩාම බයිබලය යනු තාක්ෂණයේ උපකාරයෙන් නිපදවූ තවත් නව නිපැයුමකි.
  මෙම බයිබලය ප්රමාණයෙන් ඉතා කුඩා වන අතර එය නැනෝ චිපයක් තුළ අන්තර්ගත වෙයි. ගිනස් වාර්තා අතරට එක්විමට බලාපොරොත්තුවෙන් සිටින මෙම කුඩා බයිබලය Jerusalem Nano Bible ආයතනය මගින් නිෂ්පාදනය කර ඇත
මෙහි සෑම පැතිකඩක්ම 4.76 ප්රමාණයෙන් යුක්ත වේ. සරලම ආකාරයෙන් හැදින්වුවහොත් මෙම බයිබලය ප්රමාණයෙන් පුද්ගලයෙකුගේ නියපොත්තකට සමාන වේ. මෙහි අක්ෂර ඉතා කුඩා වන අතර එය කියවීම සදහා අන්වික්ෂයක් අවශ්යවේ.



මීට පෙර එක් ආයතනයක් මගින් පසුමිබියක් තරමි වූ ප්රමාණයෙන් යුක්ත බයිබලයක් නිපදවා ඇත. මෙහි විශේෂත්වය වන්නේ ගමනක් යාමේදි පවා මෙම බයිබලය භාවිතා කළ හැකි විමය. yelsjsuh'Jerusalem Nano Bible ආයතනය විසින් නිෂ්පාදනය කළ බයිබලය හි විශේෂත්වය වනුයේ මෙය එදිනෙදා අපහසුවකින් තොරව භාවිතා කළ  හැකිවීමය. එනමි එය මාලයක් ලෙස පැළදිය හැකි අතර අවශ් නමි එය ඔරලෝසුවක් තුළට ඇතුළත් කර භාවිතා කළ හැකිවේ

ග්රීක භාෂාව යොදාගෙන අක්ෂර ගත කොට ඇති මෙහි එක් මුහුණතක කොටස් 27ක් මුද්රණය කර ඇත. සෑම චිපයක්ම සිලිකන් වලින් නිපදවා ඇති අතර එහි පැතිකඩ අගල් 0.19ක් වන අතර චිපය මත ඇති සෑම  අකුරක්ම මයික්රෝන 0.18 පළලකින් යුක්ත වේ. මෙම ආයතනය පවසන අන්දමට මිට පෙර මෙම වාර්තාව ඉසිලුවේ ඉන්දියාවෙන් වන අතර එය 1.1•1.3•0.39 අගල් ප්රමාණයක් වේ. දිනෙන් දින සොයා ගැනීමි සිදුවන ලොවටව නැනෝ ප්රමාණයෙන් යුක්ත බයිබලයක් නිපදවිමටද මෙම ආයතනය බලාපොරොත්තු වේ.


Post a Comment

0 Comments