නවතම තාක්ෂණික උපාංග බොහොමයක් මිලට ගන්නා විට ඒ සමග user manual එකක් හෙවත් පරිශීලක අත්
පොතක් ලැබෙන්නේ නැත. එබැවින් සමහර අවස්ථා වලදී ඔබ මිලට ගන්නා උපාංගයේ උපරිම කාර්යක්ෂමතාව
ලබාගැනීමට ඔබට නොහැකි වෙයි.
මෙවන් අත් පොතක් හෙවත් Manual අදාල නිශ්පාදකයාගේ වෙබ් අඩවියේ දැක ගැනීමට හැකිය. තවද බොහෝ
දුරකථන, පරිගණක, කැමරා හා Tab වැනි උපාංග නම් Google හි Search කළ සැනින් පහසුවෙන් පරිශිලක
අත්පොතක් ලබා ගත හැකිය.
කෙසේ උවත් ඔබ සතුව ඇති තාක්ෂණික උපාංගය පැරණි එකක් නම් එය තවදුරටත් නිෂ්පාදකයාගේ වෙබ් අඩවියේ
දර්ශනය නොවෙයි නම් ? එසේත් නොමැති නම් එම නිෂ්පාදකයාට වෙබ් අඩවියක් නොමැති නම් ? කෙසේ වුවත්
අන්තර්ජාලය තුල මෙවන් පරිෂීලක අත් පොත් ගබඩා කර ඇති වෙබ් අඩවි ඇති බැවින් බොහෝ විට ඔබ සොයන
අත්පොත එයින් එකක තිබීමට ඉඩ ඇත.www.espaces.co.uk /usermanuals වෙබ් අඩවිය මෙවන් අත්පොත්
ගබඩාවකි. මෙහිදී ඔබට බොහෝ දුරට Usermanuals සෙවීමට හැකියාව ඇත.

www.instrution –manuals.co.uk ද මෙවන් පහසුකම් ලබා දෙන වෙබ් අඩවියකි. මෙය බොහෝ දුරට
fourm එකක් ලෙසද ක්‍රියා කිරීමද අතිරේක වාසියකි. මේ තුල ඔබ සොයන අත්පොත නොමැති නම්,
එහි නොමිලයේ Ad එකක් පළකර අදාල manual එක ලබා දෙන්නැයි අනෙක් සාමාජිකයින්ගෙන් ඉල්ලා
සිටීමට හැකිය.www.usermanualguide.com මෙම වෙබ් අඩවියද විශාල පරිෂීලක අත්පොත් ගබඩාවකි.
මෙහි search පහසුවෙන් දක්නට නොලැබුණද, එහි විවිධ අංග ක්‍රමාණුකූලව පෙළගස්වා තිබීම නිසා
පහසුවෙන් ඔබට අවශ්‍ය දේ සොයා ගැනීමේ හැකියාව ඇත.
ඔබේ විද්‍යුත් උපකරණ අලුත් වැඩියා කරගන්නා ආකාරය කියා දෙන අඩවි.www.eservicefo.com වෙබ් අඩවිය
හරහා ඔබට විවිධාකාර උපකරණ දහස් ගණනක ගැටළු නිරාකරණය කරගන්නා ආකාරය හා ගැටළු සොයා ගන්නා
ආකාරය ලබාගත හැකිය. මේ හරහා ද පරිශිලක අත්පොත් වලට අමතරව විද්‍යුත් පරිපථ සටහන් හා software
updates පවා ලබාගත හැකිය. මෙම දත්ත ගබඩාවෙහි විවිධ නිෂ්පාදකයින් 200 කට ආසන්න ප්‍රමාණයක
අළුත්වැඩියා කිරීම් උපදෙස් පත්‍රිකා 20000 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු වෙයි. මීට අමතරව www.pdfsb.net
වෙබ් අඩවියද ඔබට උපකාරී වීමට හැකිය. එය පරිශීලක අත් පොත් පමණක් සහිත වෙබ් අඩවියක් නොවූවත් එය
තුළ ඇති මිලියන 72 කට අධික පොත් අතරින් ඔබ සොයන දෙය සොයාගැනීමට හැකි වනු ඇත.
ඔබේ smart උපාංගයට විද්‍යුත් උපකරණ අළුත්වැඩියා App එකක් ios, Android හා Wimdows වලට
ලබාගත හැකි fixit නම් App එක හරහා විවිධාකාර උපකරණ අළුත්වැඩියා උපදෙස් ගණනාවක් ලබාගත හැකිය.
මෙම උපදෙස් පියවරෙන් පියවර ඉදිරිපත් කරන අතර ඔබට අවශ්‍ය නම් ifixit.com වෙබ් අඩවිය හරහා ද මෙම
සේවාව ලබාගත හැකිය.
0 Comments