Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

The Crew


 ඉතාමත් දිගුකාලීන බලාහිඳීමකින් අනතුරුව UBi Soft සමාගමේ නවතම Racing ක්‍රීඩාව වන The Crew දැන් MicrosoftWindows, Playstation 4, Xbox One හා Xbox 360 සඳහා පසුගියදා නිකුත් කරන ලදි. UBi Soft සමාගම හා Ivory Tower යන සමාගම් ද්විත්වය එක්ව සංවර්ධනය කරන ලද මෙම පරිගණක ක්‍රීඩාව හරහා මීළඟ පරපුරේ Racing මෝටර් රථ අත්දැකීමක් ලබාගත හැකිවනු ඇතැයි නිෂ්පාදකයෝ මෙන්ම විචාරකයෝද පවසති.


The Crew පරිගණක ක්‍රීඩාව විශේෂ වීමට හේතු ගණනාවකි. එහි එක් විශේෂත්වයක් වන්නේ මේ තුළ නිර්මාණය කළ හැකි අති දැවැන්ත ක්‍රීඩා වපසරියයි. ක්‍රීඩකයාට ධාවනය කිරීමට නිර්මාණය කර ඇති ලෝකය ඉතාමත් විශාල වන අතර, ඇමරිකානු මහාද්වීපයේ බටහිර හා නැගෙනහිර ඩිට්රොායිට් හා ලෝස් ඇන්ජලීස් නගර අතර ක්‍රීඩා පරිසරයක් තුළ ක්‍රීඩකයාට නිදහසේ සැරිසැරීමට හැකියාව ලබාදී ඇත. ඵ්ච එකෙහි එක් කොනක සිට අනෙක් කොනට ධාවනය කිරීමට ක්‍රීඩාව තුළදී මිනිත්තු 45 ක් ගතවන අතර, මෙ තාත්ත්වික කෘතීම ලෝකය ක්‍රීඩකයා එහි ක්‍රීඩාකරන විට හා නොකරන විට වුවද තාත්ත්විකව වෙනස් වීම සිදුවේ.



ප්‍රධාන වශයෙන් Masively Multiplayer ක්‍රීඩාවක් හෙවත් ක්‍රීඩකයන් අති විශාල ප්‍රමාණයකට Online සම්බන්ධ වී ක්‍රීඩාකළ හැකි ක්‍රීඩාවක් වන මෙහි සම්පූර්ණ කිරීමට පැය 20 ක් ගතවන Single Player Campaign එකක්ද ඇතුළත් වේ. කෙසේ වුවත් ක්‍රීඩාවේ ප්‍රධානම විශේෂත්වය වන්නේ ක්‍රීඩකයාට තම මිතුරන් සමග එක් වී සිවිදෙනෙකුගේ කණ්ඩායම් හෙවත් crew එකක් නිර්මාණය කර ගැනීමට හැකි වීමයි. එසේම ක්‍රීඩාවට සම්බන්ධ වී සිටින ඕනෑම ක්‍රීඩකයෙකුට අභියෝග කිරීමට හෝ එක්ව තරඟ වැදීමට හැකි අතර, ඕනෑම mission එකක් තනිව හෝ crew එක එක්වී සම්පූර්ණ කළ හැකිය. තවද mission වලට අමතරව map එකෙහි යම් යම් ස්ථාන වල ඇති skills නම් උප මෙහෙයුම් මගින්ද තනිව හෝ මිතුරන් සමග එක් වී මුදල් ඉපයීමට හැකිය. ක්‍රීඩාව තුළ කිසිදු කද්ාසබට තිර නොමැති අතර ක‍්ෂණිකව ඕනෑම ක්‍රීඩකයෙකු අතර සබඳතාවක් ගොඩනගාගත හැකි බැවින් ඔයැ crew ක්‍රීඩා කිරීමට අන්තර්ජාල සබඳතාවක් අවශ්‍ය වේ.

The Crew ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට නිරත වීමට විවිධාකාරයේ missions රාශියක් ලැබේ. අති විශාල Track එක තුළ ඔබට ඔබේ රථය ධාවනය කිරීමට සිදුවන්නේ තාර දැමූ මාර්ගවල පමණක් නොවේ. වනාන්තර පරිසර වල, තණබිම් හරහා, කඳු මතින් හා වැලි සහ මඩින් පිරුණු බිම් හරහා ඔබ ධාවනය කළ යුතු අතර ධාවන තරඟ වලට අමතරව වෙනස් ආකාරවල mission ද ඔබට සම්පූර්ණ කිරීමට සිදු වේ. පොලිසියෙන් පළා යාම හා ආරක‍ෂිත රථයක් අක්‍රණයකර අත්පත් කර ගැනීම මේ අතර ප්‍රධාන වේ. කෙසේ වුවද ඔබේ අවශ්‍යතාව පරිදි මෙම mission තනිව හෝ කණ්ඩායම සමග ලොග් වී සම්පූර්ණ කළ හැකිය.


මෙවන් විවිධත්වයෙන් පිරුණු මෙහෙයුම් ඉටුකිරීමට The crew තුළ ලබාදී ඇති මෝටර් රථ එකතුව නම් සැබවින්ම සිත්ගන්නා සුළුය. Ford, Nissan, BMW, Lamborghini, Aston Martin, Chevrolet, RUF හා Pegani වැනි සුප්‍රකට නිෂ්පාදකයින්ගේ මෝටර් රථ හා SUV කැබ් රථ ගණනාවක් අතරින් ඔබ කැමති රථය තෝරාගැනීමට හැකිය. මෙම රථ වල සිදුකළ හැකි සිරුමාරු කිරීම් නම් සැබවින්ම අපරිමිතය.


 ඔබට රථයේ සියලූම කොටස් අවශ්‍ය පරිදි සිරුමාරු කිරීමට හැකි අතර, රථයක් තාර දැමූ මාවතට, ධාවන පථයකට, වනාන්තරයකට, කඳු සහිත විෂම භූමියකට හෝ වෙනත් රථයකට හානි සිදුකිරීමට හැකි වන පරිදි modify කළ හැකි වීම සැබවින්ම නවතම අත්දැකීමකි. මේ හරහා ඔබට එක් එක් තරඟයට ට වඩාත්ම ගැලපෙන පරිදි රථය සැකසීමට හැකි අතර, අවශ්‍ය විටෙක රථයේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටද හැකියාව ලැබේ. සෑම රථයකටම “F” – Full Stock, “S” - Street, “D”- Dirt, “R” – Raid, “P” – Performance හා “C” – Circuit ලෙස tuneup කළ හැකි ආකාර කිපයක්ම ඇත.

නව පරපුරේ ධාවන ක්‍රීඩාවක් වන The Crew ක්‍රීඩාව හරහා නව ආරක පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ක්‍රීඩකයන්ට ලබාදීමට UBi Soft සමාගම පියවර ගෙන ඇති අතර, මේ හරහා විවිධත්වය, වේගය, ත්‍රාසය හා ආශ්වාදය තනිව නොව මිතුරන් සමගද ඛෙදා ගැනීමට හැකියාව ලබාදී ඇත.

Post a Comment

0 Comments