සමහර පුද්ගලයන් අනෙක් අයට වඩා මානසික ආතතියට ලක්වන්නේ ඇයි?
සරළම පිළිතුර වන්නේ එකිනෙකාගේ මොළයේ හා හෝර්මෝන වල ක්‍රියාකාරීත්වය එකිනෙකාගෙන් වෙනස්වන නිසා බැවිනි.
මානසික ආතතිය වැඩි වූ විට ශරීරයේ විවිධ ග්‍රන්ථි මගින් ඇඩ්රිනලින් වැනි හෝර්මෝන නිකුත් කරනු ලැබේ. මේවා මගින්
අපට විවිධ තර්ජන වලට මුහුණදීමේ හැකියාව වැඩි කරනු ලබන අතර, අවධානය වැඩිවීම, වේදනාව සදහා සංවේදීතාව
අඩුවීම සිදුවන අතර, රුධිරය තුළට සීනි හා මේදය නිදහස් කිරිම ක්ෂණික ක්‍රියාකාරිත්වය සදහා අප සුදානම් කිරිමද සිදුකරයි.
කෙසේ වුවත් මේවා දහනය නොවීම නිසා දිගුකාලීනව ආතතියට ලක්වීමෙන් අධිරුධිර පීඩනය වැනි රෝගී තත්ත්ව වැළධීමට
හැකිය.
පුරුද්ද හා ඇබ්බැහි වීම අතර වෙනසක් තිබේද?
බොහෝ දුරට සමාන මානව චර්යා දෙකක් ලෙස පෙනුනද මේ දෙකේ තරමක වෙනසක් දක්නට ලැබේ. පුරුද්දක්
යනු දිගින් දිගටම නිතර නිතර නියැලීම හරහා අපට හුරු පුරුදු වන දෙයකි. කර්මාන්ත ශාලාවක ඇඳුම් වලට
බොත්තම් ඇල්ලීමෙහි නිරත වන කාර්මිකයෙකුට එම කාර්යය සිතීමකින් තොරව ස්වයංක්‍රීයවම සිදු කිරීමට
හැකිවීම පුරුද්ද ලෙස හැදින්විය හැකිය. ඒ අදාල ක්‍රියාව නැවත නැවත සිදුවීම හරහා මොළයට විශේෂ
අවධානයක් යොමුකිරීමෙන් තොරව එම ක්‍රියාව ඉටුකිරීමේ හැකියාව ලැබීම පුරුද්දක් ලෙස හැඳින්වේ.
මෙය අවශ්‍ය විටෙක වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට හැකිය. ඇබ්බැහිවීමක වෙනස වන්නේ අපට
එය පාලනය කරගැනීමට අපහසුවීමයි. එබැවින් පුරුද්දක් මෙන් නොව ඇබ්බැහිවීමකින් ඉතා භයානක
ප්‍රතිඵල අත්වීමට හැකිය. උදාහරණ ලෙස මත්පැන්, දුම්වැටි හෝ පරිගණක ක්‍රිඩාවලට ඇබ්බැහි වූ පුද්ගලයන්
බොහෝ විට අන් ප්‍රමුඛතා නොසලකමින් හෝ මගහරිමින් ඇබ්බැහිකමට ප්‍රමුඛතාවය ලබාදෙනු දැකිය හැකිය.
උල්කාපාතයක ශබ්දයක් නැගේද ?
උල්කාපාත වායුගෝලයේ ගැටී ගමන් කරන විට ඒවායෙන් ශබ්දයක් නැගීමට හැකියාවක් ඇත. කෙසේ වුවත්
උල්කා පොළොවට කිලෝමීටර සියයක් පමණ ඉහළින් ගමන් කිරීම නිසා එයින් නැගෙන යම් හඩක් තිබුණද එය
පොළොවට ඇසෙන්නේ නම් ඇසිමට මිනිත්තු කීපයක් ගතවේ. සමහර විට යම් අයට උල්කාවල හඩ ඇහුණ බව
වාර්තා වී තිබුණද, ඒ උල්කාවල හඩ නොව ඒවායෙන් ඇතිවන විද්‍යුත් තරංග වල කම්පනයයි.
Wireless තාක්ෂණය යම් දිනක සියලුම රැහැන් ආක්‍රමණය කරයිද ?
Wireless තාක්ෂණය ඉතා ආකර්ෂණීය වුවද එය සහමුලින්ම රැහැන් වෙනුවට භාවිතා වනු ඇතැයි සිතීම සැක
සහිතය. රැහැන් රහිත තාක්ෂණය කෙතරම් ප්‍රබල වුවද එයට පොළොව යටට හෝ ගල් සහිත කඳු විනිවිද යාමට
නොහැකිය. තවද ප්‍රකාශ තන්තු රැහැන් වලින් ලබන දත්ත සංසරණ වේගයට ළඟාවීමට Wireless තාක්ෂණයට
නොහැකි බැවින් තවත් බොහෝ කලක් ගතවනතෙක් රැහැන් හරහා දත්ත හුවමාරැව සිදුවනු ඇත.
සුළඟ නොනැවතී එකම ආකාරයට නොහමා විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් හමා යන්නේ ඇයි ?
සුළඟ යනු සරළව පැවසීමේදී වායු අංශු එක් තැනක සිට හෙවත් පීඩනය අඩු තැන සිට වැඩි තැනට ගලායාමයි.
එබැවින් ජලයට අදාළ වන සියලුම භෞතික හා චලන නියම සියල්ලම සුළඟටත් අදාළ වේ. වායුගොලයේ පීඩන
තත්ත්ව විවිධාකාරයෙන් විවිධ අවස්ථාවල වෙනස් වන බැවින් සුළඟද විවිධාකාරයෙන් විවිධ අවස්ථාවලදී වෙනස්ව
හමා යයි.
සමහර කාලවලට ගස් මත දළඹුවන් විශාල රංචු පිටින් දක්නට ලැබෙන්නේ ඇයි ?
විවිධ සතුන් විවිධ ක්‍රම මගින් ආරක්ෂාව සලසා ගැනීම ස්වභාවධර්මයේ එක් විශ්මයකි. දළඹුවන්ට තම කසුන සුළු
කෙඳි ආවරණයෙන් යම් ආරක්ෂාවක් ලැබුණද ඔවුන් කුඩා සහ මන්දගාමී ජීවීන් කියා ආරක්ෂාව සලසා ගන්නේ
වෙනත් ක්රමයකටයි. බොහෝ දළඹු වර්ග වල ජීවන රටාව ඉතාමත් ඒකාකාරී වන බැවින් අදාළ සමනලුන් බිත්තර
දමන්නේ රංචු වශයෙන් එකම ස්ථානයකදීය. මේ බිත්තර සියල්ලම ස්වභාවීකවම එකම දිනයක මෝරා දළඹුවන්
එළියට එන බැවින් අපට සමහර කාලවලට ගස් පුරා විවිධ දළඹු රංචු වශයෙන් දැකිය හැක.
අපගේ ශරීරයේ ඇති සියලුම ජාන අපි ජීවිත කාලය තුළ භාවිතාවට ගන්නවාද ?
පිළිතුර නැත යන්නයි. සමහර ජාන ජීවිත කාලයටම අක්‍රීයව පවතී. කාන්තාවන්ගේ සෛල තුළ ඇති x වර්ග
ද්විත්වයෙන් එක් වර්ග දේහයක් හැමවිටම අක්‍රියව පවතී. අකර්මණ්‍ය වූ ජාන අප තුළ ඇත. පසුගිය වසරේදී
කරන ලද පරීක්ෂණයකින් මිනිසකු තුළ සාමාන්‍යෙයන් ජේදනය වී කැඩි බිඳී ගිය ජාන 100 ක් පමණ තිබේ
යැයි වාර්තා වී තිබේ. මිනිසාට නොපෙනෙන වර්ණ සංයෝග අපරිමිත ප්‍රමාණයන් තිබිය හැකිය. වර්ණ යනු
වස්තුවක පවතින ගුණාංගයක් නොව එයින් පරාවර්ථනය කෙරෙන ආලෝක ධාරාවල සංඛ්‍යානය අනුව තීරණය
වන්නකි. මේවා වර්ණ බවට පරිවර්ථනය කිරීමට අපගේ දෘෂ්ඨි පද්ධතිය උපකාර කරයි. එබැවින් ජීවියෙකුට
පෙනෙන වර්ණ ප්‍රමාණය අදාළ පද්ධතියට අනුව වෙනස් වේ. මිනිස් ඇස තුළ වර්ණ සංවේදී සෛල වර්ග තුනක්
ඇති අතර, මේවායෙන් ලබාගන්නා දත්ත මොළයට යැවූ විට ඒවා හඳුනාගැනීම සිදුකරනු ලැබේ. සමහර
පුද්ගලයන්ට මෙම සෛල ත්‍රිත්වයෙන් එකක් හෝ දෙකක් නොපිහිටයි. එවිට හඳුනාගත හැකි වර්ණ ප්‍රමාණය සීමා
සහිත වේ. කෙසේ වුවත් සමහර සතුන්ට වර්ණ සංවේදී සෛල වර්ග විශාල ප්‍රමාණයක් ඇස තුළ පිහිටා තිබීම
නිමා මිනිසාට නොපෙනෙන වර්ණ ගණනාවක් දැකගැනීමට හැකියාව ලැබේ.
අඩු නින්දක් ලබා ජීවත්වීමට පුරුදු විය හැකිද ?
එසේ කළ හැකි නමුත් එයින් ඔබ ප්‍රධාන වශයෙන් මානසික පසුබෑමකට ලක්වනු ඇත. නින්ද ක්‍රම ක්‍රමයෙන් අඩු කර
කටයුතු කරන විට කලක් ගතවීමේදී අවධානය අඩුවීම, වැඩි වශයෙන් අතපසු වීම් හා අත් වැරදීම් සිදුවීම හා පරාජිත,
කළකිරුණු හැඟීමෙන් ජීවත් වීම දැකිය හැකිය. එසේම දිගුකාලීනව නිදිමැරීම නිසා තරබාරුකම, දියවැඩියාව,
හෘද රෝග මෙන්ම ජීවිත ආරක්ෂාව අඩුවීමද ඇතිවිය හැකිය.
මිනිසාට අධෝරක්ත වැනි වර්ණ නොපෙනෙන්නේ ඇයි ?
මිනිසාට නොපෙනෙන වර්ණ සංයෝග අපරිමිත ප්‍රමාණයන් තිබිය හැකිය. වර්ණ යනු වස්තුවක පවතින ගුණාංගයක් නොව එයින්
පරාවර්ථනය කෙරෙන ආලෝක ධාරාවල සංඛ්‍යානය අනුව තීරණය වන්නකි. මේවා වර්ණ බවට පරිවර්ථනය කිරීමට අපගේ දෘෂ්ඨි
පද්ධතිය උපකාර කරයි. එබැවින් ජීවියෙකුට පෙනෙන වර්ණ ප්‍රමාණය අදාළ පද්ධතියට අනුව වෙනස් වේ. මිනිස් ඇස තුළ වර්ණ සංවේදී
සෛල වර්ග තුනක් ඇති අතර, මේවායෙන් ලබාගන්නා දත්ත මොළයට යැවූ විට ඒවා හඳුනාගැනීම සිදුකරනු ලැබේ. සමහර පුද්ගලයන්ට
මෙම සෛල ත්‍රිත්වයෙන් එකක් හෝ දෙකක් නොපිහිටයි. එවිට හඳුනාගත හැකි වර්ණ ප්‍රමාණය සීමා සහිත වේ. කෙසේ වුවත් සමහර
සතුන්ට වර්ණ සංවේදී සෛල වර්ග විශාල ප්‍රමාණයක් ඇස තුළ පිහිටා තිබීම නිමා මිනිසාට නොපෙනෙන වර්ණ ගණනාවක් දැකගැනීමට
හැකියාව ලැබේ.
0 Comments