පරිගණකයක්
භාවිතා කරන ඔබට , එහි
ඇති USB කවුළුවට නොයෙක් විටදී බාහිරින්
වෙනත් USB උපාංග භාවිතා කර අත්දැකීමක් ඇති බව නොඅනුමානය. මෙම
USB උපාංග ඇතැම් විට pen drive එකක් විය හැකිය....
නැති නම් බාහිර දෘඩ තැටියක් (externel hard
drive) විය හැකිය. කෙසේ නමුත් එය පරිගණකයට සම්බන්ධ කල පසු දිස්වන පැනලයේ "General
Properties" තුල "Speed up my system" පෙන්වන විකල්පයක් ඔබ දැක ඇතුවාට කිසිඳු සැකයක් නොමැත. එය Windowsහි ReadyBoostපහසුකම භාවිතා කරන්නක් වන අතර, මෙහි සැබෑ අදහස කුමක්ද?
මෙයින් ඔබගේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරී වේගය වැඩි කරවනවාද ? මෙය බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව දල අවබෝධයක් ඔබ හමුවේ තැබීමයි.
නමුත් යම් සීමාවක් තුල ඔබගේ පරිගනකයට යම් ප්‍රයෝජන කිහිපයක් මෙතුලින් ලබා ගත හැකිය.ReadyBoost කටයුතු කරන්නේ Windowsහි ඇති SuperFetch සමඟිනි. SuperFetch ද හඳුන්වා දෙනු ලැබුවේ Windows ,vista තුලින්
වන අතර එය ඔබගේ පරිගණකයේ වැඩසටහන් නිරන්තරයෙන් අධ්‍යනය කරමින් ස්වයන්ක්‍රියව යෙදවුම්
ලිපි ගොනු (application files)
ආදිය ඔබගේ පරිගණකයේ මතකයට (RAM) පටවයි.
එසේ පටවන
ලද යම් යෙදවුමක් ඔබ ක්‍රියාත්මක කරන්නට අණ කල විට එය වේගයෙන් ක්‍රියාත්මක වන අතර, එයට හේතුව එම යෙදවුම ඔබ සෘජුවම මතකයෙන් උකහා ගැනීමයි. එසේ නොමැතිව ඩිස්කය තුලින් ඔබ ඒ යෙදවුම උකහා ගන්නේ නම් , එය ක්‍රියාත්මක වන වේගය ඉතාම අඩාල වේ.
හිස්
වූ RAM එකකින් ගත හැකි ප්‍රයෝජනයක් නොමැති වුවත් , එය cache එකක් ලෙස භාවිතා කරන විටදී එයට පටවන යෙදවුම් සම්බන්ධව ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය ඉහල නැංවිය හැකිය.
SuperFetch සාමාන්‍යයෙන්
භාවිතා කරන්නේ ඔබගේ
පරිගණකයේ මතකයයි. එපමණක් නොව එයට ඔබගේ පරිගණකයට
බාහිරින් සම්බන්ධ වන යම්
USB උපාංගයක දත්තද භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔබ එවැනි USB උපාංගයක්
ඔබගේ පරිගණකයට ඈදා ReadyBoostක්‍රියාත්මක කල විට Windows එම USB උපාංගය තුල SuperFetch
දත්ත ගබඩා කරනු
ඇත. එමඟින් පරිගණක මතකය වඩා නිදහස් වනු ඇත. බොහෝ විට අදාළ
USB උපාංගයේ ඇති දත්ත කියවීම, ඔබගේ පරිගණකයේ මතකය තුල ඇති දත්ත
කියවීමට වඩා පහසු වීම, ඔබගේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරී වේගය
කෙබඳුදැයි ඔබට පසක් කර දෙනු ඇත.
ReadyBoostඔබට එතරම්
ප්‍රයෝජනවත් නොවේ යැයි සිතෙන
අවස්ථා කිහිපයකි. පළමු කාරණය නම් USB පෙන් ඩ්‍රයිව් බොහෝ දුරට RAM එකට වඩා වේගයෙන් අඩුය. එබැවින් හැකි
සෑම විටම USB පෙන් ඩ්‍රයිව් තුල දත්ත ගබඩා කිරීමට වඩා සිය පරිගණක මතකයේ එම දත්ත ගබඩා කිරීම නුවනට හුරුය. ReadyBoost හැමවිටම ඔබගේ පරිගණක පද්ධතියට උපකාර
කරන්නේ ඔබගේ පරිගනක මතකයේ ඇති තරමින් ඉඩ හසර නැති
නම් පමණකි. එතුල ඇති තරමින් ඉඩ ඇති නම් කොයිම විටෙකදිවත් ReadyBoost ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරී වේගය වැඩි කිරීමට උපකාර නොකරනු ඇත.
ඒ
කෙසේ වුවත් ඔබගේ පරිගනකයේ RAM එක විඩාවට පත්ව ඇති නම්, ReadyBoostභාවිතා කරනවාට වඩා තව දුරටත් RAM එක එකතු කිරීම (upgrade) ඉතාම නුවණැති ක්‍රියාවක් බව සිහි තබා ගත යුතුය.
මෙහි
සඳහන් වූ අඩු මතකය (Low RAM) යන පදය තව දුරටත් විග්රහ කරන්නේ නම්,
එයින් කියවෙන්නේ මෙගා බයිට 512ක් හෝ ඇතැම් විට ගිගා බයිට 1ක පමණ වූ ප්‍රමාණයේ RAM එකකි.
තව දුරටත් RAM එක එකතු කල නොහැකි නම් කල හැකි හොඳම දේ USB උපාංගයක සහය ලබා ගැනීමය. මෙම USB උපාංගය ගැනද සැලකිලිමත් විය යුතු තවත් කාරණයක් ඇත. ඔබ භාවිතා කරන්නේ පරණ , අඩු වේගයකින් ක්‍රියාත්මක වන USB උපාංගයක් නම්, ReadyBoostට ඔබගේ පරිගණකයේ ක්‍රියාකාරී වේගය වැඩි කරවීමට හැකියාවක් නොමැත.
සමස්ථයක්
ලෙස ගත් කල, ReadyBoostඔබගේ පරිගණකයේ වේගය ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි නොකරන බව නම් කිව යුතුමය. එහි ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයේ, එනම් ඉහත දැක්වූ ආකාරයේ මගා බයිට 512ක පමණ කුඩා RAM එකක් නම්, ReadyBoostවහා ඉදිරිපත් වී පරිගණක පද්ධතියේ යම් වේගවත් බවක් ඇති කරනු ඇත. නමුත් එය 100%ක් සාර්ථක පිලියමක් ලෙස ගත නොහැක.
0 Comments