Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Aero-X

වර්තමානය වන විට, යතුරුපැදිය වුවමනාවකටත් වඩා විලාසිතාවක් බවට පත් ව තිබේ. ගමනාගමනයට උපකාර වන වාහනයකට අමතර ව ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස ද එයට වටිනාකමක් ලැබී ඇත. ඒ අනුව බොහෝ දෙනා ගේ අවධානය, නවීන පන්නයේ යතුරුපැදියක් මිලට ගැනීම වෙත යොමු වෙයි.
කැලිෆෝනියාවේ නිෂ්පාදිත Aero-X යතුරුපැදිය, 2017 වසරේ දී වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව සමාගම පවසා සිටී. පුද්ගලයන් දෙදෙනකු රැගෙන යා හැකි මෙම යතුරුපැදියෙහි උස මී. 3ක් වන අතර, 72 km/h දක්වා වේගයක් රඳවා ගත හැකි ය.
Image
මේ වන විට, විවිධ ක්‍රමවේද යොදමින් මෙම යතුරුපැදිය පිළිබඳ අත්හදා බැලීම් සිදු වෙමින් පවතී. නිදසුනක් ලෙස ගත් කල, යතුරුපැදිය හැසිරවීම පහසු කිරීම සඳහා එහි රෝදවලට කාබන් ෆයිබර් භ්‍රමකයන් යොදා ගැනීමේ සූදානමක් පවතී. කෙසේ වෙතත්, දින දෙකක පමණ පුහුණුවකින් පසු, මෙම යතුරුපැදිය හැසිරවීම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත හැකි වන බව සමාගම සඳහන් කරයි.
කි. ග්‍රෑ. 356ක් බරැති මෙම යතුරුපැදියට, කි.ග්‍රෑ.140ක බර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතී. මී. 4.5ක දිගකින් සහ මී. 2.1ක පළලකින් මෙය සමන්විත වේ. සම්පූර්ණ ඉන්ධන ධාරිතාව යටතේ මිනිත්තු 75කට ආසන්න කාලයක් ධාවනය වීමේ හැකියාව මෙය සතු ව පවතී. අනතුරුවලට ඔරොත්තු දිය හැකි පරිදි airbags ද මෙහි සවි කර ඇත.
Image
සාධාරණ මිල, හැසිරවීමේ පහසුව, අනතුරු සිදු වීමට ඇති හැකියාව අවම වීම වැනි ගුණාංග නිසා මෙම යතුරුපැදිය ඉතා කෙටි කලක් තුළ බොහෝ යතුරුපැදිලෝලීන් ගේ ප්‍රසාදයට ලක් වනු නොඅනුමාන ය.

Post a Comment

0 Comments