Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Did you know about this while using computers?



  • සාමාන්‍යයෙන් සෑම මසකටම පරිගණක වයිරස 6000ක් පමණ අලුතින් නිකුත් වේ.


  • Doug Engelbart විසින් පලමු පරිගණක මවුසය නිපදවූ අතර එය දැවයෙන් සාදා තිබුනි.

  • Farooq Alvi සහෝදරයන් විසින් 1986 දී පලමු පරිගණක වයිරසය නිපදවූ අතර එය boot sector වර්ගයේ වයිරසයක් විය.ඔවුන්ගේ සමීක්ශණයක් සඳහා ඔවුන් එය නිපදවා ඇත.

  • සාමන්‍ය මිනිසෙක් මිනිත්තුවකට ඇසිපිය 20ක් හෙලයි,නමුත් පරිගණකය භාවිතා කරන්නෙක් මිනිත්තුවකට 7 වතාවක් පමණක් ඇසිපිය හෙලයි!

  • යතුරු පුවරුවේ එක පේලියක අකුරු පමණක් යොදා ගනිමින් සෑදිය හැකි දිගම වචනය TYPEWRITER වේ.

  • පරිශීලකයන් ප්‍රමාණය මිලියන 50ක් දක්වා ගොඩ නගා ගැනීමට රේඩියෝවට අවුරුදු 38ක් ගතවූ අතර රූපවාහිනියට අවුරුදු 13ක් ගතවුනි,නමුත් අන්තර්ජාලයට ගතවුනේ අවුරුදු 4ක් පමණි.

  • පළමුවෙන්ම ලියාපදිංචි කල ඩොමේන් නාමය Symbolics.com වේ.

  • සාමාන්‍යයක් ලෙස ගත්විට යතුරුලියන්නෙකුගේ ඇගිලි දිනකට හැතැහ්ම 12.6ක් පමණ ගමන් කරයි!

  • ලෝකයේ පළවෙනි පරිගණකය ලෙස හැදින්වෙන Z1 නම පරිගණකය Konrad Zuse විසින් 1936 දී නිපදවූ අතර ඔහු 1939 දී ඔහු Z2 ලෙස හඳුන්වන පළමු සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික්-යාන්ත්‍රික පරිගණකය නිපද්වූවේය.

  • ඩොමේන් නාම මිලියනයකටත් වඩා එක් මසකට ලියාපදිංචි වේ.

  • ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් නිර්මාතෲ Bill Gates ගේ නිවස නිර්මාණය කර ඇත්තෙ macintosh පරිගණකයක් ආධාරයෙනි!

  • ලෝකප්‍රසිද්ධ Hewlett Packard නොහොත් HP සමාගම ආරම්භ කර ඇත්තේ 1939 දී Palo Alto හි ගරාජයකය.

  • eBay වෙබ් අඩවියෙහි තත්පරයකට $680 ක පමණ භාණ්ඩ විකිනීම සිදු වේ.

  • ඔබේ ජංගම දුරකතනයෙහි ඇති පරිගණකය මිනිසුන් දෙදෙනෙකු හඳට ගෙන ගිය Apollo 11 යානයේ තිබූ පරිගණකයට වඩා බලවත්ය.





Post a Comment

0 Comments