Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Google සමාගම හදුන්වාදෙන smart contact lenses


ගූගල් සමාගම විසින් පසුගිය වසරේ smart contact lenses නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කළා. මෙහි මුලික අරමුණක් වුනේ රුධිරයේ සිනි මට්ටම මැන ගැනීමට හැකිවන පරිදි ස්මාර්ට් ඇස් කාචයක් නිර්මාණය කිරීමයි. මේ සඳහා Google සමාගම Life Science Team නමින් කණ්ඩායමක් ද සකස් කරනු ලැබුනා. මේ කණ්ඩායම දැන් Google හි නවතම හිමිකාරත්වය වන Alphabet සමාගම යටතේ ක්‍රියාත්මක වෙනවා.


මෙය Google සමාගමේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපෘතියක් ලෙස සැලකුණු මේ කටයුත්ත යතාර්ථයක් වන බවට යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි වුනා. ඉතින් මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට යන බව Alphabet සමාගමේ සභාපති සහ Google සම නිර්මාතෘ Sergey Brin (සර්ජි බ්‍රින්) මහතා පවසා සිටියා. 


මේ ඇස් කාචයේ විශේෂත්වය වන්නේ ඔබගේ රුධිරයේ සිනි මට්ටම නිරන්තරයෙන් ම පරික්ෂාවට ලක් කෙරෙන අතර සියලු වාර්තා රැහැන් රහිතවම වෙනත් උපාංගයක ගබඩා වීමයි. එමගින් ඔබේ රුධිරේ සිනි මට්ටම පරික්ෂා කිරීමේ දී මුහුණ දීමට වන අපහසුතා බොහෝ සෙයින් මගහැරී යනු ඇත. තව ද Life Sciences කණ්ඩායම හද ගැස්ම මැන බලන වෙනත් උපකරණයක් ද නිර්මාණය කර තිබෙනවා.


මේ කණ්ඩායම අදහස් කරන්නේ තවත් සමාගම් සමඟ කටයුතු කරමින් නව තාක්ෂණික සොයාගැනීම් සිදුකරමින් රෝග කල්තියාම නිර්නය කරගැනීම තුලින් රෝග වැළඳීම වැලැක්වීම සහ රෝග පාලනය පහසු කිරීමටයි.

Post a Comment

0 Comments