Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Nodemcu tutorial 1

Nodemcu සිංහලෙන් 01

ඔන්න යාලුවනේ ගොඩදෙනෙක් ඉල්ලපු නිසා මුල ඉදන්ම...🌻

හරි nodemcu කියන්නේ ආර්ඩුයිනෝ එක වගේම Development Board එකක්...
මෙකේ විශේෂත්වය තමයි මේකේ IN Built Wifi තියන එක...

ඉතින් අපේ iot Project වල්ට ලේසියෙන්ම සහ සාපේක්ෂව ලාබදායි නිසා මේක පාවිච්චි කරන්න පුලුවන.

හැබැයි මේක 3.3v පොඩි Voltage එකකින් තමා මේක ක්‍රියාත්මක වෙන්නේ, ඉතින් එක තවත් වාසියක් අපේ project අඩු voltage එකකින් ක්‍රියාත්මක කරන්න පුලුවන් නිසා නමුත් මේක පොඩි අවාසිදායක පැත්තකුත් තියනවා. ඒ තමයි මේකට අපි 5v වගේ input දුන්නාම මේක පිච්චිලා යන්න තියන සම්භාවිතාව ටිකක් වැඩි. එක නිසා මුලින්ම කියනවා මේක එක්ක වැඩ කරනකොට ටිකක් කල්පනාකාරීව වැඩකරන්න. නැත්නම් ඉතින් Nodemcu එක 💣💥🔥💥😆

ඉතින් මේ Nodemcu එකට use කරලා තියෙන්නේ esp-12s කියන esp8266 wifi චිප් එක.

(මීට අමතරව විවිධ චිප් ගොඩක් තියනවා නමුත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ esp-01 සහ esp-12 කියන චිප් දෙක)
ඉතින් මේ චිප් එක විතරක් අරන් අපිට ගෙදරම Nodemcu එකක් හදාගන්න පුලුවන් ( ඒවා ඉස්සරහට කියලා දෙන්නම් )

මේ තියෙන්නේ Nodemcu එකේ තාක්ෂණික විස්තර 👇👇👇
Developer : ESP8266 Opensource Community
Type : Single-board microcontroller
Operating system : XTOS
CPU : ESP8266(LX106)
Memory : 128kBytes
Storage : 4MBytes (මේකේ 4mb storage එක නිසා අපි හිතනවා ට වඩා ලොකු වැඩ ගොඩාක් මේකෙන් කරන්න පුලුවන් , ආර්ඩුයිනෝ එකට වඩා ගොඩක් බලවත් කිවුවොත් නිවැරදි 😍)

ඉතින් මෙකේ I/O pins බැලුවොත් මෙකේ Digital Pin 12 ක් තියනවා & Analog pin 1ක් තියනවා .

ඉතින් nodemcu එකෙ අලුත්ම version එක 1.0 , ඉට ඉස්සල්ලා ආව 0.9v කියලා එකක් ඉතින් nodemcu එකක් ගන්නවා නම් අලුත් එක ගන්න.. 😃

ඉතින් මේක කඩෙන් ගන්නවා නම් තව ජති 2ක් තියනවා ( ජාති ගොඩායි නේ 😂 පටලවා ගන්න එපා ගොඩක් තිබ්බා ට😆)

1. NodeMcu Lilion CH340 (V3)

2. NodeMcu Amica CP2102 (V2)


දෙකේ කිසි වෙනසක් නෑ කැමති එකක් ගන්න.. 😃
තව දෙයක් Nodemcu එකක් ගන්නකොට පොඩි හොද එකක් ගන්න මොකක්ද මේවාගේ සමහර board වල wifi frequency හරියට වැඩ කරන්නේ නැති උනොත් අපිට මේකෙන් වැඩ කරන්න එහෙම ටිකක් අව්ල් යනවා ( මෙක ඉන්ටර්නෙට් එකට connet කරන්න ගියම තමා අව්ල් එන්නේ )
එක නිස ගන්නකොට ටිකක් හොද එකක් ගන්න..

හරි ඉරිදාට කියලා දෙන්නම් මෙකෙන් led එකක් blink කරන්න.. තව coding ටිකකුත්.
එතකන් පොඩක් මගේ youtube channel එකට පොඩි Subscribe පාරක් දාල set වෙන්න.

https://m.youtube.com/c/sanjulanipun  👈👈

 හෙට හවසට IOT project Video serious එක පටන්ගන්නවා... එකේදි මේවා ප්‍රායෝගික අපි කතා කරමු.

මෙන්න පොඩි IOT Project එකක්, try එකක් දාලා බලන්න.

https://sanjulanipun99.blogspot.com/p/blynk-relay.html?m=1

එහෙනම් දැන් නිකන්ම යන්නේ නැතුව ඔයාලගෙ අදහස් කියලා යන්න...👇👇👇
වැරදි අඩුපාඩු තියනවා නම් ඒවත් කියලා යන්න 👍👍👍👍

තව පොඩි උදවුවක් විදියට මගේ Facebook page එකටත් like එකක් දාගෙන යන්නෝ...

https://m.facebook.com/sanju.nipun99/

✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️