Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

ඉතිහාසයේ නව ක්ෂේත්‍රයක් කරමින් ධූම කේතුවක් මතට ගොඩ බැසූ පළමු පෘථීවි යානය—ෆිලා




            මිනිසා විසින් වල්ගා තරුවක් මතට යැවූ ශීතකරණයක ප්‍රමාණය ගත් ගඟන යානය සාර්ථකව ගොඩ බැස්වූයේ අතීතයටනව පරිච්ඡේදයක ඇරඹුම දෙමින් අනාගත මිනිසාගේ පැවැත්මට නව බලාපොරොත්තුවක් ලබාදෙමිනි. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ තහවුරුව පරිදි 2014 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා දින ග්‍රිනීච් මධ්‍යාහන වේලවෙන් 16:00 පැයේදී ජීවීන් රහිත ගඟන යානයක් 67/ඡ චුරි
මූ  ජ්ර්සිමෙන්කෝ ධූමකේතුවේ පෘෂ්ඨය ස්පර්ශ කර ඇත.
                        තවද යානය ගොඩබැස්වූ එම ස්ථානය ඇජිල්කියා˜ නමින් නම් කර ඇත. එම අවස්ථාවේදී යානය හා ධූමකේතුව පෘථීවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර මිලියන 510 ක් ඈතින් ගමන්කරමින් තිබී ඇත . යානය ධූමකේතුව මතට ගොඩ බෑ ප්‍රවෘත්තිය ජර්මනියේ ඩෑම්ස්ටැඩ්හි පිහිටි මෙහෙයුම් කාර්යාලයට ලැබී ඇත්තේ යානය ගොඩැස්වීමෙන් මිනිත්තු 22 යි තත්පර 20 කට පසුවයි .මෙම 67/ඡ ධූමකේතුව ක්ලිම්චුරිමෝහාස් වෙට්ලානා ජෙරසිමෙන්කෝය අය විසින් හඳුනා ගෙන ඉදිරිපත් කල ධූම කේතුවකි .
ගඟන යානය ධූමකේතුව මතට ගොඩබැස්වීමට පෙරදිනයේදී කිලෝග්රෑකම් 100 ක් පමණ බර ෆිලා˜ යානය පෘථීවියෙන් ඉවත් වූපසු ප්‍රථම වරට විද්යුත් කෝෂ නැවත බලගැන්වීමකරන ලද්දේය.සැලසුම්කර තිබූ පරිදියානයේවිද්‍ය්‍රත් කෝෂ මන්දගාමීව උණුසුම් වීම නිසා ආරම්භයේ දීකිසියම් ගැටලූකාරී බවක් පෙන්නුම් කලත් මදවේලාවකට පසුව ක්‍රමයෙන් ක්‍රියාකාරී උෂ්ණත්වයට පත්විය. ෆිලා යානය ගොඩ බසින ස්ථානයට එනතෙක් කැටුව ආ මව් යානය වූයේ රොසේටා˜ නම් යානයයි . මෙහෙයුම් පාලන මැදිරියෙන් යානා දෙකෙහිම පියාසර පරීක්ෂණ සිදුකල පසු ෆිලා යානය ගොඩ බැස්වීමට එහි ස්වයංක්‍රීය පාලනයට ඇතුලත් කර 02:35 පැයේදී ෆිලා යානය මව් යානයෙන් වෙන්කිරීමට තීරණය කෙරිණි.ෆිලා යානය ගොඩබැස් වූ පසු ගමන් කිරීමට අවශ්‍යම ශීත වායු ආශ්‍රිතව පැන නැගිය හැකිගැටලූ විසඳා 07:35 පැයේදී රොසේටා මව් යානය ෆිලා යානය තම යානයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි . 09:03 පැයේදී ෆිලා මව් යානයෙන් වෙන්විය . එම වෙන් කරන ක්‍රියාවලිය නිවැරදිව හා ආරක්ෂාකාරීව සිදුවන අතරතුර පෘථීවි පාලන මැදිරිය සමඟ යානයේ සම්බන්ධතා බිඳවැටෙන හෙයින් යානයේ ක්‍රියාවලිය ස්වයංක්‍රීයව සිදුවීමට ඔවුන් වග බලා ගත්හ . යුරෝපීය අභාවකාශ ඒජන්සියට අනුව ධූම කේතුවේ ගුරුත්වාකර්ශනය පෘථීවියමෙන් 1/100000 ක් පමන වූ බැවින් තත්පරයකට මීටර් 1 ක පමන වේගයකින් ෆිලා යානය ධූමකේතුව මතට වැටෙන්නට විය . යානය ධූම කේතුව මතට වැටෙන විට යානයේ පහල කොටසේ ඇතිපාද 3හි ඇති සිදුරු විදිනයන් මගින් යානය පොළොවට රඳවා
                                ගැනීමට හැකි අයුරින් සකසා ඇති අතර පොළා පැනීම වැලැක්වීමට යානය ඉහල කොටසේ බල එන්ජිමක් විසින් පහලට
                                බලය ලබාදී පොළොව මත සමබරව යානය ගොඩබැස්වීමට හැකි අයුරින් නිර්මාණය කර ඇත . යානය ගොඩබැස්වූ
                                පසු මතුපිට ගමන් කිරීමට රෝද සහිත රෝවරයක් මෙන් නිර්මානයක්ද සකසාඇත .




2004 වර්ෂයේ පෘථීවියෙන් නික්ම ගිය රොසේටා යානය ධූමකේතුව වෙතට යාම සඳහා විවිධ මාර්ග ඔස්සේ
                                වක්‍ර දුර මාර්ග භාවිතාකර ඇත . ඒ මාර්ග අතර අඟහරු හා බ්‍රහස්පති පසුකරමින් ගිය මාර්ගද තිබී ඇත . මෙම
                                ගමනේදී රොසේටා යානයට ස්ටේන්ස් හා ලූටේනියා ග්‍රහක පසුකරමින් ගමන් කල අතර සතුව ඇති සම්පත් රැකගැනීමට
                                මාස 31 ක කාලයක් තාවකාලික ක්‍රියාවිරහිත කාලයක් පසුකරමින් ගමන් කරමින් ගමන්කර ඇත . එමෙන්ම අගෝස්තු
                                මස 6 වන දින සිට ෆිලා යානයට ගොඩ බෑමට සුදුසු ස්ථාන සෙවීම කක්ෂ්යානය විසින්නිමකර ඇත .ගොඩ බසින දිනය
                                එළඹිණි.

 ගොඩ බෑම සඳහා තෝරා ගත්තේ යානය බල ගැන්වීමට අවශ්‍ය සූර්ය කිරණ ලැඛෙන කවුළුවක් වැනි
                                ස්ථානයකි . ගොඩ බසින ස්ථානය තීරණය කෙරුනේ එම භූමියේ විද්‍යාත්මක වැදගත් කම හා ආරක්ෂාව පිළිබඳ
                                සැළකීමෙනි. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ වාර්තා වලට අනුවයානය සතුව විහිදිය හැකි සූර්ය කෝෂ ඇති
                                හෙයින් කෝෂ බල ගන්වමින් යානය  අතුව ඇති උපකරණ 10 ක් සඳහා දින දෙකහමාරක මෙහෙයුම නිම කිරීමට
                                අවශ්‍ය බලය සැපයීමට සමත්වී ඇත මෙහෙයුමේ එක් කොටසක් පුළුල් ඡායාරූප ගැනීම යානය ගොඩ බෑ පසු පළමුව
                                කරන ලද කාර්ය වේ.


                ධූමකේතුව මතට ෆිලා යානය ගොඩබැස්වූ ඓතිහාසික අවස්ථාවට පසුව ෆිලා යානය නිහඩ විය . යුරෝපීය
                                අභ්‍යාවකාශ ඒජන්සිය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ජීවීන්රහිත යානය තම් කෝෂ බලගැන්වීමට සූර්යාලෝකය
                                නොමැති වීමෙන් යානය මෙහෙයුම් කාර්යාලය සමඟ පවත්වාගෙන ආ සබඳතා 00:36 පැයේදී නතරවිය.පසු
                                දිනයේදී රොසේටා මව් යානය මගින් ෆිලා යානය සාර්ථකව මීලඟ ගොඩ බසින ස්ථානයට රැගෙනවිත් මුදාහැරීම
                                සාර්ථකව සිදුකල පසු ෆිලා යානය නිදහසේ පහලට වැටුණු නමුත් යානය සතු පහලට බලය යොදා යානය සමබර
                                කරන බල එන්ජිම හා යානය මතුපිටදී ගමන්කිරීමට භාවිතා කරන රෝවරය නිවැරදිව ක්‍රියාවිරහිත වීමෙන් ෆිලා යානය
                                ධූමකේතුව මතුපිට ගැටීපොළා පනිමින් අවකාශයටඇදී ගියේය. දෙවන වර පොළා පැනීමෙන් අනතුරුව යානය
                                පටු විවරයක රැඳී නැවතිනි. එම ස්ථානය ගොඩබෑමට නියමිතව තිබූ ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින්විය.
                                යානය සතුව තිබූ විද්‍යුත් කෝෂවලින් කිහිපයක් යානයෙන් වෙන්වී තිබුණු අතර ඉතිරිය දිනකට පැය එකහමාරක
                                පමණ කාලයක් ලැඛෙන සූර්යාලෝකය ලැඛෙන නමුත් එම බලය යානයේ සම්පූර්ණ පද්ධතිය උණුසුම්ව පවත්වා
                                ගැනීමට තරම් ප්‍රමාණවත්නොවුණි. ඉංජිනේරුවන් මේ සඳහා විකල්ප සොයන අතරතුර පරීක්ෂක කණ්ඩායම
                                ඔවුන් සැලසුම් කළ පරීක්ෂන රැසක් ක්‍රියාත්මක කල අතර මව් යානය හරහා ඒ තොරතුරු ලබාගත්හ. යුරෝපීය
                                අභ්‍යාවකාශ ඒජන්සි වාර්තා අනුව ෆිලා යානය ඒ වන විටත් කල පරීක්ෂණ වල තොරතුරු ලබා දීමට හැකි තත්වයක
                                තිබී ඇත. එම ලබාගත් තොරතුරු වලින් ලබාගත් තොරතුරක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට ධූමකේතුවක් සාර්ථකව
                                සිදුකිරීමයි.



                ෆිලායානයට සූර්යාලෝකය ලැඛෙන කවුළුවක් පැය 60 ක් පමණ ක්‍රියාත්මක තත්වයේ තිඛෙන නිසා යානය මුහුණදී
                                සිටින භයානක තත්වයයෙන් මුදාගැනීමට ඉංජිනේරුවන් හට ඇත්තේ සීමිත කාලයකි. යානය
                                ක්‍රියාත්මක කිරීමට ඉංජිනේරුවන් ගෙන තිබූ තීරණයද වෙනස්කලහ. ඊට හේතුව යානය අනතුරකට භාජනය විය
                                හැකියැයි ඔවුන් තුල තිබූබිය නිසාය. යානය ක්‍රියාවිරහිත වීමට පැය 3 කට පෙර ජර්මනියේ මෙහෙයුම් පාලන
                                කාර්යාලයෙන් සූර්ය පැනල විහිදුවා හිරු එළියට විවර කිරීමට අංශක 35 ක් හැරවීමටඅණ ලැබිණි. නමුත් ඒ 
                                වන විටත්ඔවුන් පමා වී තිබිණි. යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියට අනුව ෆිලා යානය හා පරීක්ෂණ සියල්ල ඇත්තේ
                                ක්‍රියාවිරහිත තත්වයකි. හිරු එළිය ලැබුනොත් ෆිලා යානය සමඟ සබඳතා පවත්වාගත හැකි නමුත් අවාසනාවකට
                                හිරු එළිය නොලැබීම නිසා එය බලාපොරොත්තු වියනොහැක. කෙසේවෙතත් මුලින් සැලසුම්කර තිබූ පරිදි මීලගට
                                ගොඩ බැසීමට නියමිතව තිබූ ස්ථානයෙන් රොසේටා යානයට නොවැම්බර් 15 වන සෙනසුරාදා 10:00 පැයේදී
                                සංඥාවක් ලැබිණ.නිහඩව සිටිනවා වෙනුවට ෆිලා මුල් පරීක්ෂණ පෙළේ එකතු කරගත් සියලූම විද්‍යාත්මක
                                දත්ත අපට එව්වා˜  හිස්ටෙෆාන් උලාමෙක් මහතා පැවසීය.යානයේ කළමනාකරු කියා සිටියේ මේ යන්ත්‍රය
                                හරිම විශ්මිත යන්ත්‍රයක්. ෆිලාට ඉතාම දුෂ්කර තත්ව වලදී පවා තම කාර්යයන් කරගෙන යන්න පුළුවන්කම තියන
                                නිර්මාණයක්. අපි ඇත්තටම ආඩම්බර වෙනව ෆිලා අපිට එවපු ඒ විශිෂ්ට පරීක්ෂණ වාර්ථා පිළිබඳව˜

Post a Comment

0 Comments