Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

WHY?....ඇයි කියන්න ඇයි? Part II

රාත්‍රියේ දී සඳ එළියෙන්
ප්‍රභාසංස්ලේෂණය සිදු නොවන්නේ ඇයි?

සඳ එළිය යනු චන්ද්‍රයාගෙන් පරාවර්ථනය වන සුර්යාලෝකයයි. එබැවින් සඳ එළියේ දී ප්‍රභාසංස්ලේෂණය සිදු නොවේ යැයි පැවසීම නිවරැදි නැත. සඳ එළියේ දී ප්‍රභාසංස්ලේෂණය සිදු වු වද එය සිදු වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයකින් හා අඩු වේගයකිනි. එයට හේතුව සෘජුව ලැබෙන සූර්යාලෝකයට වඩා චන්ද්‍රයාගෙන් පරාවර්ථනය වන සූර්යාලෝකය 06 ගුණයක් පමණ අඩු වන බැවිනි.
කුරුල්ලන් වළාකුළු අතරින් පියඹනවා ද?

බොහෝ කුරුළු විශේෂ සාමාන්‍යෙයන් පොළොවෙන් මීටර 150 කට වඩා ඉහළ අහසට නැඟෙන්නේ නැත. එබැවින් ඔවුනට වළාකුළු අතරට යාමට නොහැකි ය. කෙසේ වුවත් සමහර සංචාරක පක්ෂීන් නම් මීටර 6000 ක් දක්වා ඉහළ අහසට නැඟී පියාසර කරන අතර මේ වන විට කුරුල්ලකු පියාසර කළ ඉහළම උස ලෙස වාර්තා වන්නේ මීටර 8800 කි. මෙවන් උසකින් පියාඹන විට නම් කුරුල්ලන්ට වළාකුළු වල ගැටීමට හැකි ය. කෙසේ වු වද වළාකුළු අතරින් පියඹීම ද වර්ෂාව අතරින් පියඹනවාට සමාන බැවින් ප්‍රවේශම් සහිතව සෙමෙන් පියඹා යාම කුරුල්ලන් බොහෝ විට සිදු කරති.

මීමැස්සන් වැනි කාර්යය භාරයක් ඉටු කිරීමට දෙබරුන්ට ජාන තාක්ෂණයෙන් වෙනස් කළ හැකි ද?

මී මැස්සන් හා දෙබරුන් යනු බෙහෙවින් එකිනෙකට වෙනස් ජීවන රටාවක් සහිත සත්ත්ව කොට්ඨාස දෙකකි. බඹරුන් බොහෝ විට සාමූහිකව කටයුතු කළ ද දෙබරුන් බොහෝමයක් හැසිරෙන්නේ තනිවමයි. දෙබරුන් ඉඳ හිට මල් රොන් ගත්ත ද ඔවුන්ගේ පිළමුත් මාංශ භක්ෂකයින් වන බැවින් දෙබරුන් වැඩි කාලයක් ගත කරන්නේ තම පිළවුන්ට ආහාර සෙවීමට යි. එබැවින් ඔවුන් නිතරම උත්සාහ කරන්නේ කෘමීන් අල්ලා ගැනීමටයි.
එබැවින් විද්‍යාඥයින් කෙසේ හෝ දෙබරුන්ට මල් පැණි මීපැණි බවට පෙරළිමට හැකි එන්සයිම හා මී වද නිපදවන ඉටි නිකුත් කිරීමේ ග්‍රන්ථි ජාන තාක්ෂණයෙන් ලබා දී මාංශ වෙනු වට මී පැණී ආහාරයට ගන්නා පිළවුන් ද නිර්මාණය කළ හොත් එම දෙබරා තව දුරටත් දෙබරකු නොව මී මැස්සකු වනු ඇත.
සූර්යයන් දෙදෙනෙකු වටා පරිභ්‍රමණය වන ග්‍රහයකුගේ කක්ෂය කුමන හැඩයක් ගනී ද?
මෙය අදාළ සූර්යයන්ගේ ප්‍රමාණය ග්‍රහයාගේ විශාලත්වය හා සූර්යයන් හා ග්‍රහයා අතර අතර ඇති දුර වැනි සාධක රාශියක් මත වෙනස් වීමට හැකිය. කෙසේ වු වද ඉතා අසාමාන්‍ය හැඩැති කක්ෂයක් මෙමඟින් නිර්මාණය වීමට ඉඩ තිබේ. ප්‍රධාන වශයෙන් ග්‍රහයාට ලැබෙන ගුරුත්වමය බලපෑම ආකාර ගණනාවකින් වෙනස් වන නිසා කවකටුවකින් නිර්මාණය කරන මල් මෙන් සංකීර්ණ රටා සහිත කක්ෂයක් නිර්මාණය වීමට හැකි අතර ඉතාමත් දිගු ඉලිප්සීය තාක්ෂණයක් ද මෙයින් බිහි වීමට හැකි ය.
පූර්ණ අන්ධකාරයේ යමක් දැකීමට හැකි සතුන් සිටී ද?
සමහර සර්ප විශේෂ (පොළොඟුන් හා ඇමරිකානු හා අප්‍රිකානු විසකුරු සර්පයින්) හට ශරීරයේ උෂෟණත්වය සංවේදනය කර ගත හැකි අධෝරක්ත සංවේ දී ඉන්ද්‍රීන් පිහිටා ඇති බැවින් 100% ක් ආලෝකය රහිත අවස්ථා වල පවා ‘දැකීමේ’ හැකියාවක් ඔවුනට ඇත.
වව්ලන් හා ඩොල්ෆින් වර්ග වලට තම අති ධ්වනි තරංග මඟින් ඉදිරියේ ඇති බාධක දැක ගැනීමට හෙවත් හඳුනා ගැනීමට හැකි අතර මෝරුන් විශේෂ වලට ජීවින්ගේ ශරීරයේ ඇති ක්ෂුද්‍ර විද්‍යුත් තරංග සංවේදනය කිරීමේ හැකියාව ඇත. මෙම සංවේදන ඉන්ද්‍රීන් කෙතරම් ප්‍රබල ද යත් පූර්ණ අන්ධකාරයේ මුහුදු පතුලේ වැලි යට සැඟ වී සිටින මත්ස්‍යයින් පවා දැක ගැනීමට ඔවුනට හැකි ය.
වැඩිම සංඛ්‍යාතයක ශබ්දයක් ඇසෙන්නේ කුමන ජීවියා ට ද?

Galleria Mellonella නම් සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන සලභයින් විශේෂයට 300 kHz (1 kHz z 1000Hz)තරම් ඉහළ සංඛ්‍යාතයක අතිධ්වනි තරංග වලට ඇහුම් කන් දීමට හැකි ය. මිනිසාට ඇසෙන උපරිම සංඛ්‍යාතය 20 kHz (20000Hz)වෙයි. මෙම සලභ විශේෂයට මෙම හැකියාව පිහිටා ඇත්තේ ඔවුන්ව නිතරම ගොදුරු කර ගන්නා වවුලන්ගේ නාදයට ඇහුම් කන් දීමට හැකි වන ලෙසයි. වව්ලන්ගේ නාදය උපරිම ලෙස 212kHz සංඛ්‍යාතයක පවතින බැවින් මෙම සලබයින් ට වවුලන්ගෙන් ගැලවීමට මෙය උපකාර වෙයි.