පොළෝ තලය මත මිනිසා ගේ පා සටහන් ලකුණු නොවූ ස්ථාන බොහොමයක් ඇත. මේ අතුරින් බොහෝ ස්ථාන සුන්දර සහ ආස්වාදනීය ස්ථාන වන බැවින්, ඒ වෙත නො පිවිස වුව ද සිතින් පිවිසීමේ හැකියාව පවතී. අප මේ සූදානම් වන්නේ එබඳු අපූර්ව චාරිකාවකට ඔබ සහභාගී කරවා ගැනීමට යි.
01. Lascaux Caves - ප්‍රංශය
Montignac ගම්මානය අසල පිහිටා ඇති මෙම ගුහාවේ සිතුවම් අවම වශයෙන් වසර 17, 300ක් පැරණි බව ගණන් බලා තිබේ. විශාල සතුන් ගේ සිතුවම් ද හමු වන අතර, ඒ එම යුගයේ වාසය කළ සතුන් බවට ඇතැමෙක් අනුමාන කරති. මෙය 1979 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කොට ඇත.
1963 වසරේ සිට මෙය පොදු ජනතාවට නැරඹීමේ අවස්ථාව අහිමි කිරීමට පියවර ගෙන ඇත්තේ සිතුවම්වලට ඔවුන් අතින් හානි පැමිණෙන හෙයිනි. සිතුවම්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අදාළ එක් පුද්ගලයෙක් පමණක්, සතියට මිනිත්තු 20ක් මෙම ගුහාව තුළ ගත කරයි.
02. Vatican Secret Archives - වතිකානුව
මෙය පිහිටා ඇත්තේ වතිකානු පුස්තකාලය සමීපයේ ය. බොහෝ රහසිගත දත්ත සහ දැනුම් සම්භාරයක් මෙහි තැන්පත් ව ඇති අතර, 17 වැනි සියවසේ දී මෙම දත්ත එකතුව පුස්තකාලයෙන් වෙන් කරන ලදි. 18 වන සියවස තෙක් මෙය පර්යේෂකයන් හට පමණක් විවෘත ව පැවති නමුත්, වර්තමානය වන විට ඒ සඳහා සුවිශේෂ අවසරයක් අවශ්‍ය වේ. කි. මී. 84ක් දිග රාක්කවල මෙම දත්ත අසුරා ඇති අතර, ඒවා භාවිතයෙන් පසු නැවත තිබූ ස්ථානයේ ම අසුරා තැබිය යුතු වේ. කිසිදු මූලාශ්‍රයක් මුද්‍රණය කිරීම සපුරා තහනම් ය.
03.The Jiangsu National Security Education Museum - චීනය
යුද කටයුතුවල දී යොදා ගන්නා ලද විවිධ උපක්‍රමවල එකතුවක් ලෙස සකස් කර ඇති මෙයට පිවිසීමට අවසර ඇත්තේ චීන ජාතිකයන් හට පමණි. තම තොරතුරු සහ උපක්‍රම සෙසු ජාතිකයන් වෙත ලබා දීමට ඔවුන් දක්වන අකමැත්ත එයට හේතුව යි. ඔත්තු බැලීමට යොදා ගන්නා ලද කැමරා, තොල් ආලේපන ලෙස සකස් කරන ලද තුවක්කු වැනි අපූරු නිෂ්පාදන සමූහයක් මෙහි දී හමු වන අතර, චීන ජාතිකයනට වුව ද ඡායාරූප ලබා ගැනීම තහනම් ය.
04.Niihau - හවායි
මෙය හවායි සතු දූපත් අතුරින් විශාලත්වය අතින් සත් වැනි ස්ථානය ගන්නා දූපත යි. පාරවල්, ආපන ශාලා, විද්‍ය්‍රත් සැපයුම් ආදිය මෙහි නොමැති අතර, සූර්ය බලයෙන් බල ගැන්වෙන, එරට ඇති එක ම පල්ලිය මෙහි පිහිටා ඇත. ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව නිසා මෙය පොදු ජනතාවට වසා දමා ඇති අතර, ස්වදේශීය ජනයා හට වුව ද මේ වෙත පිවිසීමට විශේෂ අවසරයක් අවශ්‍ය වේ.
05.Pine Gap - ඕස්ට්‍රේලියාව
මෙය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන රටවල් දෙක ඔස්සේ ම පාලනය වන සැටලයිට් මධ්‍යස්ථානයකි. මෙහි සේවකයෝ 800කට ආසන්න ප්‍රමාණයක් සේවයෙහි නිරත වෙති. රුසියාව, චීනය වැනි රටවලට නිකුත් කෙරෙන ඇමරිකාවේ සැටලයිට් සම්බන්ධ කටයුතු සිදු කෙරෙන්නේ මෙම ස්ථානයෙනි. සාමාන්‍ය පුද්ගලයන් මෙම ස්ථානය පිළිබඳ ව දැනුවත් වීමෙන් වැළැක්වීමට කටයුතු සිදු කර ඇත්තේ එබැවිනි.
06.The Negev Nuclear Research Center - ඊශ්‍රායලය
න්‍යෂ්ටික අවි සම්බන්ධ කටයුතු සිදු වන මෙම ස්ථානය වටා සුවිශේෂී ආරක්ෂාවක් යොදා තිබිණි. 2000 වසරේ දී න්‍යෂ්ටික බෝම්බ 100-200 අතර ප්‍රමාණයක් නිපදවීමට සමත් වූ මෙම ස්ථානය, 2012 වසරේ දී වසා දමන ලද්දේ ඉරානයෙන් එල්ල විය හැකි යැයි අපේක්ෂා කරන ලද ප්‍රහාර හේතුවෙනි.
07.Ise Grand Shrine - ජපානය

Amaterasu-ōmikami දෙවඟන වෙත කැප කරන ලද මෙය, ප්‍රධාන දේවස්ථාන දෙකකින් යුක්ත වූ සංකීර්ණයකි. ජපන් ජාතික පූජකයන් හට පමණක් මෙම ස්ථානය විවෘත වේ. මෙම දේවස්ථාන සංකීර්ණ සැලැස්මෙහි පිටපත වසර 1,000කට ද වඩා පැරණි ය.
08.Poveglia - ඉතාලිය
කුඩා දූපතක් වන මෙය, 13 වැනි සියවසේ දී එල්ල වූ විදේශ ආක්‍රමණ හේතුවෙන් රටවැසියන් රඳවා තබන ලද ස්ථානය යි. මෙම ගොඩනැගිලි, 19 වැනි සියවසේ දී මෙය ආරක්ෂක බලකොටුවක් ලෙස දියුණු කිරීම ඇරඹුණු නමුදු, 1968 දී එය වසා දමන ලදි. වර්තමානයේ මෙහි අමනුෂ්‍ය බලවේග සැරිසරන බවට කටකතා පැතිර යයි.
09.Church of Our Lady Mary of Zion - ඉතියෝපියාව
මේ වන විට, පූජකයන් හැර සෙසු පුද්ගලයන් හට මෙම ස්ථානය තහනම් ය. කිසිවකු ගේ ඇස් මේ වෙත යොමු වීම වැළැක්වීමෙන් එහි පූජනීය භාවය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ යි.
10.Metro-2 - රුසියාව
ජෝසප් ස්ටාලින් යුගයේ ඉදි කරන ලද රහසිගත උමං පද්ධතියක් ලෙස මෙය හඳුනා ගත හැකි වේ. රටෙහි පිහිටි වැදගත් ස්ථාන යා කෙරෙමින් තැනුණු මෙහි අරමුණ වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු වෙනුවෙන් යොදා ගැනීම බව විශ්වාස කරනු ලැබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැක්වෙන ලිපිගොනු හෝ ඡායාරූප හෝ සොයා ගත නොහැකි ය.
0 Comments