Terminator-style robots,..මේ රොබෝ පරම්පරාවට එක වන නවතම සාමාජිකයන් අතුරින් එකකි.
එනම්
එය තමන්ට හානි වූ
විටදී මොහොතකින් තම සිරුර යතා තත්වයට පත්
කරගැනීමට, වෙනත්
විදියකින් පවසනවා
නම් තමන් විසින්ම
සිරුර අලුත්වැ
ඩියා කරගැනීමේ හැකියාව සහිත රොබෝ වර්ගයකි. සාමාන්‍යයෙන්
මෙවැන්නක්
ඇසු පමණින් සිහියට
නැගෙන්නේ විද්‍යාත්මක නව කතාවක හෝ චිත්‍රපටයක දසුනක් වුවත්, කෙසේ හෝ මෙය
මෙය යථාර්තයක් බවට පත්
කිරීමට විද්‍යාඥවරු පිරිසක් සමත් වී ඇත.
මෙම කතාව ඇරඹෙන්නේ විද්‍යාඥවරු පිරිසක් ගැලියුම්
හා ඉන්ඩියම් මූලද්‍රව්‍ය මිශ්‍රණයක් ආශ්‍රයෙන්
නිපදවා ගන්නා
ලද ද්‍රවමය ලෝහයක්නිපදවීමත් සමඟය. ගැලියුම්
මූලද්‍රව්‍යය සෙල්සියස් අංශක 29දී ද ඉන්ඩියම් සෙල්සියස් අංශක
156දී ද ද්‍රව වන
අතර මේ මූලද්‍රව්‍ය 2 මිශ්‍ර කල
පසු එම මිශ්‍රණය කාමර උෂ්ණත්වයේදී ද්‍රවමය ලෙස පැවතුනි.
එසේම එය සතුව මීටරයට මිලිනිවුටන් 500ක පමණ ඉහල ආතති බලයක්
ඇති බවද අනාවරණය කර ගැනුනි.
මෙයින් හැඟවෙන්නේ මෙම ලෝහ මිශ්‍රණය පැතලි මේසයක්
මත තැබුවහොත් එය වචනයේ පරිසමාප්ත
අර්ථයෙන්ම ගෝලාකාර හැඩයක් ගන්නා බවත්, එය නොවෙනස්ව පවත්වා
ගැනීමට සමත් වන බවත්ය.
එහි ඇති ආතති බලය වෝල්ට් එකකට වඩා අඩු
වෝල්ටීයතාවයක් ලබා දුන් විට අඩු වන බවත් , එම
වොල්ටීයතාවයම ධන ලෙස ලබා දුන් කල්හි නැවත එම ලෝහ
මිශ්‍රණය තිබු ආකාරයට පත්වන බවත්
විද්‍යාඥවරුන්ට දක්නට ලැබුණි.
මෙසේ
වෝල්ටීයතාවයක් ලබා දීම ආතති බලය වෙනස් කරනවා සේම එම ලෝහ මිශ්‍රායේ දුස්ස්‍රාවීතාවය
අවම කරන
නිසා එම අවස්ථාවේදී
ලෝහ ද්‍ද්‍රවයේ තිබූ පෙනුම හා ස්ටිතික බව වෙනස් වේ. සත්‍ය වශයෙන්ම වෝල්ට් එකකටත්
අඩු වෝල්ටීයතාවයක්
මඟින් එවැන්නක් කල හැකි වීම විශ්මයජනක බව නම් කිව යුතුමය. අදාළ විද්‍යාඥවරු
කණ්ඩායම පවසන පරිදි
මෙය පසු කාලිනව වැඩි දියුණු කර සංඥා කුළුණු (antenna) වල හැඩය වෙනස් කිරීමටත් ,
ඉලෙක්ට්‍රොනික පරිපත
සම්පූර්ණ කිරීමට මෙන්ම ඒවා බිඳ හෙළීමටත් භාවිතා කල හැකි වනු ඇත.
ඉහත කී සුප්‍රසිද්ධ Terminator චිත්‍රපටයේ රොබෝ ගේ
හැඩය ගන්නා රොබෝ කෙනෙකු පිළිබඳව අදහස
නිර්මාණය වන්නේද මේ අතරතුරය . T-1000 නමින් හැඳින්වෙන
මෙම රොබෝට සිය සිරුර තමන් විසින්ම
අලුත්වැඩියා කරගැනීමට හැකියාව ඇත. පසුගිය වසරේ
නිකුත් වූ Terminator 2 චිත්‍රපටයෙන්
පසු ස්පාඤ්ඤ
විද්‍යාඥවරු පිරිසක් විසින් ඒ පිළිබඳව පර්යේෂණ
ඇරඹු අතර , එහිදී ඔවුන්
නිපදවූ බහුඅවයවිකයට Terminator
යන නම ලබා දී ඇත. එම බහුඅවයවිකයෙන් සෑදුනු
කුට්ටියක් 2ට කපා ඉන්පසුව
එනෙකට සමීපව තැබූ පසු එය
දෙපැයක් තුල නැවත හා වීම මෙම බහු අවයවිකයේ ඇති self
- healing හෙවත් තමන් විසින්ම අලුත්වැඩියා
විය හැකි ලක්ෂණය ප්‍රකට කරන්නකි. මෙම නව බහු අවයවික නිපදවීමේ ප්‍රධාන
අරමුණ පෙර කී රොබෝ
නිර්මාණය ඉදිරිපත් කිරීම නොවේ. මෙවැන්නක් මඟින්
මානව ශරීරයේ හානි වූ ස්නායු වර්ග යතා තත්වයට
පත් කල හැකි ක්‍රමයක් සොයාගැනීම ඔවුන්ගේ
අරමුනයි. සාමන්යෙන් ස්නායු සම්බන්ධ ශල්‍ය කාර්ම ආදියට
වෛද්‍යවරු එතරම් නිර්දේශයක් නොදෙන්නේ එක්
ස්නායුවක් සුවපත් කරන්නට ගොස් , තව ස්නායු
රැසකට
හානි කරන්නට එවන් ශල්‍ය කර්මයක වන කුඩාතම
මගහැරිමකට වුවද හැකි නිසාය. නමුත් මෙවැනි තමන් විසින්ම
සුව කරගැනීමේ හැකියාව එම ස්නායු වලට තිබුණහොත්,
ස්නායු රෝග නිසා
ජීවිතය විඳින්නට අහිමි රෝගීන්
0 Comments