කැනඩාවේ මොන්ටි‍්‍රයෙල්හී කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් ‘කර්ම චැමලියන්’ (Karma Chameleon) නමින් අපුර්ව ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා, . මේ ව්‍යාපෘතිය මගින් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික රෙද්දක් වියා ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඒ මගින් සිරුරේ ඇති තාප ශක්තිය ගබඩා කර ගත හැකියි. මේ නවෝත්පාදනය පසුපස සිටින කණ්ඩායමේ අපේක්ෂාව වුණේ හැඩය හා වර්ණය වෙනස් කළ හැකි ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඔබේ සිරුරේ ශක්තියෙන් ජංගම දුරකථනයක් ‘චාජ්’ කළ හැකි කමිසයක් තැනීමත් ඔවුන් එහිදී ලත් එක් ජයග්‍රහනයක් !
”මේ විස්මිත ඇඳුම වෙළඳ පොලට එන්න නම් තව කලක් යාවි.” මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා (Joanna Berzowska) පවසන පරිදි ”සමහර විට මේවා රෙදි සාප්පුවල අළෙවියට එන්න වසර 20ක් 30ක් යාවි. එහෙත් දැනට කර ගෙන යන අත්හදා බැලීම් නිර්මාණ කටයුතු ඇත්තෙන්ම සිත් විස්මයට පත් කරවන සුලූයි.” ඇය වැඩිදුරටත් කියනවා. මේ අරුම පුදුම ඇඳුම් නිර්මාණය කරන්න වෙහෙසෙන්නේ කැනඩාවේ මොන්ටි‍්‍රයෙල් නුවර කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ සැලසුම් හා පරිගණක කලා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරිය යටතේ ඉගෙන ගන්නා සිසු සිසුවියන් පිරිසක්. ”අපේ අරමුණ සංකීර්ණ ලෙස, වෙස් පෙරළිය හැකි විස්මිත ඇඳුමක් නිර්මාණය කරන්නයි. නොපිට හරවා අඳින ජැකට්ටුවකට හෝ තාපය අනුව පාට වෙනස් වන කමිසයකට හෝ වැඩි දෙයක් කරන්නයි.
ඔවුන් නිපදවා ඇති මේ ස්මාට් රෙදිපිළි යොදා ගත හැකි විවිධ පරාස ගණනාවක් ම දැන් හඳුනා ගෙන තියෙනවා. අවශ්‍ය වූ විට ඇඟලන්නාව ඉලෙක්ට්‍රොනිකව උණුසුම් කර තැබිය හැකි ඇඳුම් තනන්නත් මේ ද්‍රව්‍යවලින් පුළුවන්. තවත් විශේෂ දෙයක් ලෙස දැක්වෙන්නේ, රඟ දැක්වීම්වල දී වෙස් පෙරළීම්වලට මේවා භාවිත කළ හැකි වීමයි. ඒ අනුව ඇඟලන්නා හැර වෙනත් අයකුට ඇඳුමේ ස්වභාවය, හැඩය හා වර්ණය දුර සිට වෙනස් කළ හැකියි.
එසේ ම මේ ක්‍රමයට සොල්දාදුවන්ගේ නිල ඇඳුම් සඳහා විශේෂ නූලක් නිපදවා, එය කෙළින් ම වියන අවස්ථාවේ දීම ඇඳුමට එක් කළ හැකියි. දැනට මේ විශ්වවිද්‍යාලයේ සැලසුම් කොට නිපදවා ඇත්තේ නිදර්ශක ලෙස දැක්විය හැකි රෙදිපිළි හා ඇඳුම් ඇඟලූම් කීපයක් පමණයි. ඒවා ඔවුන්ගේ නව සංකල්පය හඳුන්වා දීමට පමණයි, යොදා ගනු ලබන්නේ. වානිජ වශයෙන් නිපදවීමට රෙදිපිළි හා ඇඟලූම් නිෂ්පාදකයන්ට මෙය හඳුන්වා දීම ඉදිරි දශකවල දී සිදු වේවි. මහාචාර්ය ජොආනා බර්සොව්ස්කා විසින් මේ නව අදහස හා ඊට අදාළ නිදර්ශක මේ සතියේ ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර දී පැවැත්වීමට නියමිත ස්මාට් ෆැබ්රික් 2013 (Smart Fabrics 2013) සමුළුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.
0 Comments