කික්
ස්ටාටර් හරහා දිනෙන් දින නව නිපැයුම් ලොවට එක්වේ මේ එලෙස එක්වූ තවත් එක් නිර්මානාත්මක නිපැයුමක් ගැනයි. තාක්ෂණයේ
දියුණුවත් සමග කුඩා ළමුන් අතරත් ජංගම දුරකථන මේවන විට ජනප්රිය වී තිබේ.කාර්ය
බහුල දෙමාපියන්ට තමන්ගේ දරුවන් ගැන දැනගන්න, හදිසියකදී දරුවන්ට දෙමාව්පියන්ට කතාකරන්නට ෆෝන් එකක් තිබීම වැදගත්.කෙසේ නමුත් මේවන විට වෙළඳපලේ තිබෙන දියුණු සංකීර්ණ ජංගම දුරකථන කුඩා ළමුන්ට සංකීර්ණ වේ.
මේ
හේතුවෙන් ස්වීඩන් ජාතිකයෙකු “Tinitell” නමින් අපූරු නිපැයුමක් කර තිබේ. කලින් ඇතුලත් කරන ලද දුරකථන අංක කිහිපයකට එක් බොත්තමක් පමණක් එබීමෙන් call ගැනීමට මෙම පුංචි ජංගම දුරකථනයෙන් හැකියාව ලැබේ.
අතේ
ඔරලෝසුවක් ලෙස පළඳා ගත හැකි මෙම දුරකථනයේ ලොකු බොත්තම ඔබා “Mom” හෝ “Dad” කියා ඇමතීමෙන් දෙමාපියන්ට ඇමතුම ලැබෙනු ඇත. එපමනක් නොව දෙමාව්පියන්ට තමන්ගේ දරුවන් සිටින ස්තානය දැනගැනීමටත් මෙම පුංචි දුරකථනය උපකාරී වේ.
මෙය තෙතමනයට හා ජලයට පවා ඔරොත්තු දේ. එමෙන්ම මෙහි බැටරිය නැවත ආරෝපණය නොකර සතියක පමණ කාලයක් නොකඩවා Standby තබාගත හැක.
0 Comments