Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Unknown Devices සඳහා කළුනික වන් Drivers සෙවීම

ඔබේ පරිගණකයේ Device Manager වෙත පිවිසි විට එහි Unknown Device ලෙස තිල නොවූ උපාංග එකක්
හෝ කීපයක් තිබෙනු දැකිය හැක. මේවා සරළව පැවසීමේදී Windows මෙහෙයුම් පද්ධතියට හඳුනාගැනීමට
නොහැකි වූ හෙවත් Drivers සොයාගැනීමට නොහැකි වූ උපාංගයන්ය. මේවා අක්‍රීය වූ උපාංග ලෙස
සිතීම දෝෂ සහිතය. සැබෑ ලෙසම මේවායේ Drivers පරිගණකයට ස්ථාපනය කළ විට නිසිලෙස ක්‍රියාකිරිමට
පටන් ගනී.



 අපට පරිගණකයට සම්බන්ධ කරන ලද කැමරාවක්, VGA එකක් හෝ වෙනත් උපාංගයක නම් වෙළෙඳ නාමය හා
 කාණ්ඩ අංකය මගින් අන්තර්ජාලයේ සෙවීමකින් අදාළ Drivers සොයාගත හැකි වුවත් Laptop එකක
 අන්තර්ගත Network හෝ Sound කාඩ් එකක, Onboard VGA එකක වෙළෙඳ නාමය හෝ කාණ්ඩ
 අංකය සෙවීම අපහසු බැවින් ඔබට පහත ක්‍රමවේදය හරහා අදාළ උපාංගයේ Drivers හෙවත් මෘදුකාංග
 සොයාගත හැකිය.

පළමුව ඔබ කළ යුත්තේ  Device Manager වෙත පිවිසීමයි.






Windows 8 හා 8.1 හි නම් Start Button එක රයිට් ක්ලික් කර හෝ Windows key + X මගින් ලැබෙන
මෙනුවෙන් Device Manager තෝරාගත හැකිය. Windows 7 හි නම් Run වලට පිවිස devmgmt.msc
ටයිප් කර enter කිරීමෙන් Device Manager වෙත පිවිසීමට හැකිය. මෙහි ඔබට එක් එක් කුඩා ඊ හිස් ක්ලික්
කරමින් එක් එක් උපාංගයේ ධාවක මෘදුකාංග ස්ථාපනය වී ඇති දැයි සෙවීඹට හැකිය. ධාවක ස්ථාපනය වී නොමැති
නම් එහි අයිකනය මත කහ පැහැති විශ්මයාර්ථ ලකුණක් (!) දක්නට ලැබේ. එය ධාවක නිසි ලෙස ස්ථාපනය
නොවූ උපාංගයකි.


දෙවැනි පියවර වන්නේ අදාළ ධාවකය සොයා ගැනීමයි. මේ සඳහා ඔබට අවශ්‍ය උපාංගය මත රයිට් ක්ලික් කර
Properties තෝරාගත යුතුය. ඔබට මෙහි විස්තර මෙනුව එවිට විවෘත වනු ඇත. එහි Details ටැබ් එකට
පිවිසී “Property” නම්  dropdown මෙනුවෙන් Hardware Ids යන්න තෝරා ගන්න. දැන් ඔබට Value
යන කොටුව තුළ වාක්‍ය කීපයක් දිස්වනු ඇත. මෙය ඔබට තේරුම් ගැනීමට අපහසු වුවද එමගින් පැහැදිලි
කරනුයේ අදාළ උපාංගයේ දෘඩාංග සැකස්ම පිළිබඳවයි. එහි ඉහළින්ම ඇති වැකිය Copy කරගන්න.





 මෙය ඔබ කැමති ඕනෑම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක search කළ විට ඔබේ උපාංගයේ නම හා කාණ්ඩ අංකය
ලබාගැනිමට හැකිය. එය දැකගත් පසු ඔබට ඔබේ පරිගණකය හා මෙහෙයුම් පද්ධතියට ගැලපෙන ධාවක මෘදුකාංගය
සොයා පරිගණකයට භාගත කරගැනීමට හැකිය. ඉන්පසු ඔබට සමාන්‍ය ආකාරයට එය පරිගණකයට ස්ථාපනය
කළ හැකිය.



ඔබගේ පරිගණකයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ස්වයංක්‍රීයව ධාවක යාවත්කාලීන කිරීමේ හැකියාවක් ඇත.
කෙසේ වුවත් යම් ලෙසකින් එය අක්‍රීය වුවහොත් ඔබේ ධාවක යාවත්කාලීන නොවන බැවින් Unknown Devices
වැඩිවීමට හැකිය. මෙම පහසුකම සක්‍රීය කිරිමට නම් Control Panel       View Devices and Printers
වෙත පිවිසී එහි ඔබගේ පරිගණකය පෙන්නුම් කරන අයිකනය (බොහෝ විට This PC හෝ ඔබේ පරිගණකයේ
නමින් දර්ශනය වේ) රයිට් ක්ලික් කරන්න. එහි Device Installation Settings හි “Yes, do this
automatically (Recommended)” යන්න සක්‍රීය කර ඇත්නම්, ඔබේ පරිගණකයේ දෘඩාංග ස්වයංක්‍රීයව
යාවත්කාලීන වන බව ඔබට සහතික කරගත හැකිය.

Post a Comment

0 Comments