තමන්ගේම වාහනයක යනෙන ඔබට එහි කාන්දු වෙමින් පවතින ටයරයක් තිබීම කොතරම් හිසරදයක්දැයි අත්දැකීමෙන්මඔබ දන්නවා ඇති. මන්ද යත් ගමන පුරාවටම ඔබ සිතන්නේ අන් කිසිවක් ගැන නොව එම ටයරය තිබියදී අනතුරක් නොවී කොතරම් දුර යා හැකිද යන්න ගැන පමනකි.
මෙවන් අවස්ථාවන් වලදී හිතේ චකිතයටම වරින් වර රියෙන් බැස ටයර පරික්ෂා කිරීම ඉතාම කරදරකාරී මෙන්ම යන ගමනද පමා කරවයි. ඉදින් මෙම ප්රටශ්නයට bluetoothතාක්ෂනය යොදා ගනිමින් පිළිතුරක් සොයන්නට Foboසමාගම සමත් වී තිබේ. මෙය Tire Pressure Monitoring System (TPMS) හෙවත් ටයර පීඩන අධ්යියන පද්ධතියක් හඳුන්වනු ලබන අතර එහි bluetooth4.0 තාක්ෂනය භාවිත කරගනිමින් නිෂ්පාදනය වී ඇත. ඔබගේ smart දුරකථනය යොදා ගනිමින් දවසේ ඕනෑම වෙලාවක , වසරේ ඕනෑම දිනයක අදාළ ටයරයේ පීඩන තත්ත්වය පිළිබඳව දැනගැනීමට ඔබට මෙමඟින් අවස්ථාව ලැබේ.
Foboසමාගම විසින් මේ වන විටත් Fobo Max Bluetooth wireless tag හෙවත් bluetoothතාක්ෂනය හා wifiපහසුකම් යොදාගනිමින් නැති වූ එනම් අස්ථානගත වූ යම් ඉලෙක්ට්රොeනික මෙවලම් සොයාගත හැකි ආකාරයේ නිෂ්පාදනය කර ඇති අතර එය වෙළඳපොලේ ඉතාම ජනප්රි්ය නිෂ්පාදනයක් බවට පත් වී ඇත. මීට පෙරද විවිධ සමාගම් මඟින් blutoothතාක්ෂනය යොදා ගනිමින් මෙවන් ටයර පීඩන අධ්යවයන සංවේදක නිපදවා ඇතත්, ඒවා පාපැදී හා යතුරුපැදි සීමා විය. එබැවින් Foboසමාගම මෝටර් රථ සඳහා මෙම තාක්ෂණ හඳුන්වා දීමේ පුරෝගාමීන් ලෙස නම් කල හැකිය.
මෙහිදී ඔබගේ ඇන්රොයිඩ් හෝ iOS ස්මාර්ට් දුරකතනයට මෙම සංවේදක පද්ධතිය සම්බන්ධ කිරීම සඳහා මෝටර් රථය ඇතුලත AA වියලි කෝෂ දෙකක් හා එක් එක් සංවේදක අංශයන් සඳහා CR2032 බොත්තම් වියලි කෝෂ (button battery) බැගින් අන්තර්ගත කර ඇත.
වාහනයේ ඇති එක් එක් ටයරය සඳහා අනන්යe හඳුනාගැනීමේ අංකයක් ලැබෙන අතර ඒ සෑම ටයරයක්ම මට්ටම් 3කින් පරික්ෂා කරනු ඇත. එනම් එම සෑම එක් මට්ටමකට වඩා ටයරයේ පීඩනය පහත වැටුණු විට ඔබගේ දුරකතනයට යම් සංඥාවක් ලැබෙන පරිදි මෙම යෙදුම සකස් කර ඇත. ටයරයේ පීඩනය ඉතාමත් පහත වැටෙන අවස්ථාවකදී එනම් වාහනය පැදවීම අනතුරුදායක වන තරම් ප්රයමාණයකට ටයරයේ පීඩනය පහත වැටුණු යම් මොහොතක් වේ ද, එම මොහොතේම ඉතාම සක්රි ය ලෙස ඔබගේ දුරකතනයට සංඥා ලැබෙන ලෙස ද මෙය විශ්ෂයෙන් සකසා ඇත. මෙහි ඇති අනෙක් සුවිශේෂී ලක්ෂණය නම්, වාහනය තුල ඔබ රැඳී නොසිටියද, වාහනයේ සිට අඩි සියයක දුරින් ඔබ සිටින්නේ නම්, එවන් අවස්ථාවකදී පවා කිසිඳු ගැටලුවකින් තොරව ඔබේ ජංගම දුරකතනයට අදාළ සංඥා ලැබෙන පරිදි මෙය සකස් කර තිබීමයි.
මෙහි සංස්ථාගත සේවාදායකයන් (corporate client) හෙවත් කාර්මික මට්ටමෙන් මෙම උපාංගය භාවිත කරන්නන්ට මෙමඟින් එක වර මෝටර් රථ 20ක ටයරයන්ගේ පීඩන අධ්ය නය කිරීමට හැකිය. එනම් මෙහි පවතින sharing mode හෙවත් අදාළ දත්ත එක් එක් මෝටර් රථ අතර හුවමාරු කරගත හැකි පහසුකම සක්රිෙය කල විටදී එක වර මෝටර් රථ ධාවනය කරන රියදුරන් සියයකගේ මෝටර් රථ ටයර පීඩන පිළිබඳව අධ්යhනය කල හැකිය.
මෙම උපාංගය සතුව දිගු කාලින පැවැත්මක් ඇතිවාක් මෙන්ම එය ජලවාරක ද (ජලය කාන්දු නොවන) වේ. එසේම මෙය මේ වන විට ඉතාම උණුසුම් හා සීතල පරිසර තත්ත්ව යටතේ පරීක්ෂා කර ඇත. සාමාන්යල පරිසර තත්ත්ව යටතේ මෙහි බැටරිය වසර 2ක් පමණ කාලයක් පවත්වා ගත හැකිය.
Foboසමාගම විසින් මේ වන විට මෙහි සම්පූර්ණ පැකෙජය හෙවත් ටයර සංවේදක 4ක්, වාහනය ඇතුලතට සවි කරන in-car කොටස හා නොමිලේ ලබා දෙන දුරකථන app එක යන එවායින් සමන්විත කට්ටලය, සීමිත පිරිසක් සඳහා ඇමෙරිකානු ඩොලර් 90ක පමණ මිලකට ලබා දීමට කටයුතු යොදා ඇති අතර එහි තත්ත්වය සතුටුදායක නම් ලබන නොවෙම්බරයේ සිට මෙම නව උපාංගයේ බෙදා හැරීම් කටයුතු ඇරඹෙනු ඇත.
0 Comments