ඩයිනොසෝර සතුන් පහළ වීමට පෙර පෘථීවිය යනු මීට වසර මිලියන 250ත් 300ත් අතර කාල සීමාවයි. එකල මිනිසුන් ජීවත් වූවා නම් එය ඉතාමත්
අසීරු දිවියක් බව කිව යුතුය. පළමු කරුණ වන්නේ එවකට පෘථිවි මතුපිට එකම ගොඩබිමක් ලෙස පිහිටියා යැයි සැලකෙන මතයයි. Pangea (පැන්ජියා)
නමින් හැඳිනිවෙන මෙම දැවැන්ත මහද්වීපයේ මධ්‍යය ඉතාමත් උණුසුම් කාන්තාරයක් ලෙස පැවති අතර පිටත දාර වල සැලකිය යුතු ප්‍රමාණයක් අයිස්
තට්ටු වලින් වැසී තිබුණි. මෙම යුගයේ ආහාරයට ගත හැකි ශාක තිබුණේනම්, ඒවා ඉතාමත් දැඩි හා නීරස ශාක ආහාරයන්ය. මිනිසාට ආහාරයට ගත හැකි
සතුන් වූයේ කෘමි සතුන් පමණක් වූ අතර එවන් බොහොමයක් සතුන් කැරපොත්තන්ට සමාන සතුන්ය වීම අප්‍රියජනක කරුණකි. එබැවින් එවකට
කාලගුණය හා ශාක ගහණය මිනිසාට එතරම් හිතකර වූ බවක් නම් පෙනෙන්නට නැත. ආහාර සෙවීම කෙසේ වෙතත් එම සමයේ මිනිසුන් ජීවත් වූයේ
නම්, එවකට පෘථිවිය මත සැරිසැරූ දැවැන්ත කිඹුල් පවුලේ ආදි කල්පික මාශ භක්ෂකයන්ගෙන් ප්‍රවේශම්ව දිවිගෙවීම සිදු කළ යුතු විය. එබැවින් මිනිසා
පෘථීවිය මත පහළ වූයේ මෙම යුගයට වසර මිලියන 100කට පසු වීම අපගේ වාසනාවකි.
• රොබෝ යන්ත්‍ර හෝ කෘත්‍රීම බුද්ධි වැඩසටහන් හරහා වෙබ් අඩවි වලට පිවිසීම වැලැක්වීමට CAPCHA Code යොදන්නේ ඇයි?
පරිගණක වෙබ් පිටු නිර්මාණය කරනු ලබන්නේ HTML වැනි පරිගණක භෂා වලිනි. විවිධාකාර Hacking වැඩසටහන් වල ඇති කෘත්‍රීම බුද්ධි
වැඩසටහන් වලට හෝ අනතර්ජාලයට සම්බන්ධ රොබෝ යන්ත්‍ර වලට මෙම කේත කියවීමට හැකිය. එබැවින් ඒ හරහා අනවසරයෙන් අදාල වෙබ් පිටුවට
පිවිසීමට යම් අයෙකු උත්සාහ කළ හැකිය. මෙය වැලැක්වීමට විවිධ වෙබ් අඩවි CAPCHA යොදාගන්නා අතර මෙය බොහොවිට HTML කේතයක් නොව
JPEG Image එකකි. කෙසේ වුවත් OCR (Optical Character Recognition) හෙවත් දෘශ්‍යමය අක්ෂර හඳුනා ගැනීමේ තාක්ෂණය
හරහා මෙවන් Images හඳුනා ගැනීමට හැකි වුවත් CAPCHA හි අක්ෂර බොඳ කර තිබීමත්, ඒවා එක් එක් ප්‍රමාණ වලින් තිබීමත් නිසා ඒවා හඳුනා
ගැනීමට හැක්කේ මිනිසුන්ට පමණි.
• ප්ලූටෝ ග්‍රහයා මතදී හිරු රැස් කොපමණ ප්‍රබලව දැනෙනු ඇතිද?
සූර්යයාගෙන් ඈත් වීමේදී එහි දීප්තිය අඩුවී පෙනීම ආකාර කීපයකින් නිර්ණය කළ හැකිය. සූර්යයා හා පෘථිවිය අතර ඇති දුර මෙන් දෙගුණයක්
ඈතදී හතරෙන් එකක ප්‍රබලතාවකින් හිරු රැස් අපට දැනෙනු ඇත. මෙම දුර පෘථිවිය හා සූර්යයා මෙන් සිව් ගුණයක් වීමේදී ප්‍රබලතාව පෘථීවියෙහි මෙන්
දහසයෙන් එකක් වනු ඇත. ප්ලූටෝ ග්‍රහයා පිහිටා ඇත්තේ සූර්යයා හා පෘථිවිය අතර ඇති දුර මෙන් 39 ගුණයක් ඈතින්ය. එබැවින් ප්ලූටෝ මතදී,
පෘථිවිය මතදී දැනෙන හිරු රැස් මෙන් 1520කින් එකක ප්‍රබලතාවකින් අපට හිරු රැස් දැනෙනු ඇත. සරළව පැවසීමේදී, ප්ලූටෝ මතදී දැනෙන හිරු රැස්
ප්‍රබලතාව බොහෝ දුරට හිරු උදාවනවිට ක්ෂිතිජයෙන් අංශක 4ක් පමණ ඉහළින් සූර්යයා ඇති විට ඇතිවන අරුණාලෝකයට සමාන වනු ඇත.
• ඇස් පොඩි කරන විට අපට විවිධ වර්ණ පෙනෙන්නේ ඇයි?
ඇස් පොඩි කිරීමේදී ඇති වන තෙරපුම නිසා අක්ශි ගෝලය තුළ පීඩනය වැඩිවේ. මෙම පීඩන වෙනි නිසා ඇස තුළ ඇති ආලෝක සංවේදී සෛල උත්තේජනය වන අතර එම
උත්තේජනය බොහෝදුරට ඒවාට ආලෝක කිරණක් ලැබුණුවිට ඇති වන උත්තේජයට සමානය. මෙම උත්තේජයන් මොළයට යැවුණු විට මොළය විසින් මේවා
ආලෝක කිරණ ලෙස වරදවා වටහා ගන්නා බැවින් ඇස් පොඩි කරන විට අපට විවිධාකාර අහඹු වර්ණයන් පෙනී නොපෙනී යයි.
වෙරළට ගොඩගසන තල්මසුන් බොහොවිට මිය යන්නේ ඇයි?
පළමු හේතුව වන්නේ විජලනයයි. තල්මසුන්ගේ සිරුරෙහි අතිවිශාල මේදය තට්ටුවක් ඇති බැවින් ශරීරය ජලයෙන් යටවී නොමැති විට වේගයෙන්
ශරීර උශ්ණත්වය ඉහළ ගොස් ශරීරයේ ඇති ජලය වාෂ්ප වීම නිසා තල්මසුන් මරණයට පත්වේ. දෙවන කාරණය වන්නේ තල්මසුන් පෙණහළු සහිත
ක්ශීරපායීන් වීමයි. එබැවින් සියලු තල්මසුනට හුස්ම ගැනීමට ජලය මතුපිටට පැමිණීමට අවශ්‍යය. කෙසේ වුවත් උන්ගේ නාසය(Blow hole)
පිහිටා ඇතිතේ හිස මුදුනෙහි බැවින් ගොඩ ගැසූ තල්මසුන් වෙරළෙහි දිගාවී සිටින විට, නාසය පිහිටන්නේ පොළොවට අඩි කිහිපයක් උසින්ය. පිහිනා
යාමට තරම් ප්‍රාණවත් ජලය නොමැති විටක වුවද ඔවුනගේ නාසය ජලයෙන් යටවීම නිසා ගොඩ ගැසූ තල්මසුන් හුස්ම සිරවී මිය යති. තවද ගොඩගැසූ
තල්මසකු යම් ආකාරයකින් මුහුදට පිහිනා ගියද උන්ගේ අතිවිශාල බර නිසා ශරීර අවයව තෙරපීමෙන් ඇතිවන අභ්‍යන්තර තුවාල හේතුවෙන් මුහුදට
පිහිනාගොස් පැය කීපයකින් පසු තල්මසා මිය යාමට හැකිය.
• බැක්ටීරියාවකට කොපමණ කලක් ජීවත් වීමට හැකිද?
බැක්ටීරියා සිය වර්ගයා බෝකරන්නේ ඉතාමත් සුවිශේෂී ක්‍රමයකටය. ඒ එක් බැක්ටීරියාවක් එක හා සර්ව සමාන කොටස් දෙකකට වෙන්වීම මගිනි.
එම කොටස් දෙකම එකිනෙකට ඉතා සමාන බැවින් පැටවා හෝ මවු ජීවියා වෙන් කර හඳුනා ගත නොහැක. එසේම ජීවීන් දෙදෙනාම සමාන ලෙස ජීවත්
වන බැවින් බැක්ටීරියා මිය යනවා යැයි කීමද දෝශ සහගතය. විවිධ බැක්ටීරියා වර්ග පැය 12කට වරක් සිට පැය 24කට වරක් දක්වා වෙනස් වූ කාල
සීමාවකට වරකි මෙලෙස ඡේදනය වන බැවින් එක් අතකට බැක්ටීරියාවක ආයු කාලය, එහි ඡේදනය වීමට ගත වන කාලය යැයි පැවසීමද වැරදි නැත.
• දහඩිය ඇසට ගිය විට එයින් ඇසට අපහසුවක් ඇති වුවද, කඳුළු වලින් එසේ නොවන්නේ ඇයි?
කඳුළු හා දහඩියෙහි ඇත්තේ එක හා සමාන ලවණතාවයකි. කෙසේ වුවත් දහඩියෙහි විවිධාකාර තෙල් වර්ග හා අතිරේක හෝර්මෝන අඩංගු බැවින්
එමගින් ඇසෙහි දැවිල්ලක් හට ගැනීමට හැකිය. තවද දහඩිය ඔබේ ඇසට ගමන් කිරීමට පෙර ඒවා ඔබේ නළල, ඇහිබැම වැනි මතුපිට හරහා ගමන් කිරීමේදී
විවිධාකාර ධූවිලි අංශු යනාදිය එක්වීමට හැකිය.