ත්‍රිමාණ උපැස් යුවළක් පැළදීම මගින් රූපවාහිනී සහ චිත්‍රපට අත්දැකීම වර්ධනය වන බව අපට ඒත්තු ගැන්වීමට හොලිවුඩ් චිත්‍රාගාර සහ රූපවාහිනී ව්‍යාපාර ආයතන බොහෝ කලක සිට මහත් ව්‍යර්ථයක් දරයි.කෙසේ වුවත් ගවේෂණ මගින් සනාථ කරනු ලබන ආකාරයට ත්‍රිමාණ උපැස් යුවලක් යනු මිනිසුන්ගේ මුදල් අපතේ යැවීමකි. මේ සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ පර්යේෂණයන්ගෙන් හෙළි වූ විශේෂිතම කරුණක් නම්, ද්විමාණ සහ ත්‍රිමාණ තලයන් දෙකෙහිම අත්දැකීම සමාන බවයි.බොහෝ මිනිසුන් අධික වියදමක් දරා උපාංග මිලට ගෙන ත්‍රිමාණ අත්දැකීම් ලබන්නට වෙහෙසුනද, ද්විමාණ මෙන්ම ත්‍රිමාණ දර්ශන කෙරෙහිද කන්තුකවාහිනී හෙවත් හෘද වාහිනී ප්‍රතික්‍රියා කරන ආකාරය සමාන බව මෑත කාලීන පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. ත්‍රිමාණ සජීවීකරණයේ පදනම වන්නේ නරබන්නන්ට විවිධත්වයක් සහ සැබෑ ජීවය අත්දැකීමක් ආකාරයටම ත්‍රාශය සහ ප්‍රීතියද මුසු වූ අත්දැකීම ලබාදීමයි.
පර්යේෂණයේ වතගොත...
විෂයන් 408ක් මත පදනම්ව පර්යේෂකයින් විසින් ශ්වසනය සහ හෘද වාහිනී ප්‍රතිචාර ද ඇතුළත්ව සංවේදී බව හදුනාගැනීමේ මිනුම්, එනම් හෘද ස්පන්දන වේගය ආදිය පිළිබදව සොයා බලන ලදී. මෙහිදී චිත්‍රපට 4කින් කොටස් 4ක් තෝරාගෙන ඒවා බැලීමේදී මිනිස් මනස තුල සංවේදීතාව තීව්‍ර වන ආකාරය වෙන් වෙන් වශයෙන් සොයා බලන ලදී. තෝරාගන්නා ලද චිත්‍රපට කොටස් 4ට ත්‍රිමාණ් මෙන්ම ද්විමාණ තලයේ චිත්‍රපට කොටස් ද එතුලත් වූ අතර සෑම චිත්‍රපටයකින්ම මිනිත්තු 5කට ආසන්න කාලයක් සහභාගී කරගන්න්නා ලද පුද්ගලයන්ට නරබන්නට සලස්වන ලදී. සුඛාන්ත, දුඛාන්ත මෙන්ම බිය දනවන චිත්‍රපට ද මේ අතර විය. මෙම චිත්‍රපට නරඹන අතරතුර නරඹන්නන්ගේ හෘද ස්පන්දනයසහ එක් එක් දර්ශනයන්ට නරඹන්නන් මනෝමය ප්‍රතිචාර දක්වන ආකාරය මෙහිදී මැන බලන ලදී.තවද, මෙම පරීක්ෂණය තුලින් මනෝවිද්‍යත්මක සහ ස්නායු විද්‍යාව පිළිබද අධ්‍යයනයෙන් හැගීම් වර්ධනය වීම පිළිබද තක්සේරුවක් ද කරන ලදී. මෙම පර්යේෂණයේ යෙදුණු පර්යේෂකයන්ගේ අදහස වූයේ පරීක්ෂණය සදහා තරුණ පිරිසක් යොදාගැනීම තුලින් මනස සහ සෞඛ්‍ය වර්ධනය කෙරෙහි ද්විමාණ සහ ත්‍රිමාණ තාක්ෂණයන්ගේ බලපෑම ද සොයා බැලීමට හැකියාවක් ඇති බවයි.
පර්යේෂණයේ ප්‍රතිඵලය පිළිබදව සළකා බැලීමේදී සංකීර්ණ ආකෘතියක් මගින් සංවේදී ප්‍රතිචාර සංසන්දනය පමණක් නොව ආකෘතික සටහනෙහි දෘශ්‍ය ප්‍රතිඵලය පිළිබදවද විද්වතුන්ගේ සාකච්ඡාවට බදුන් විය. සමස්තයක් වශයෙන් ගත් කල, මෙම ප්‍රතිඵලය තුලින් මනෝවිද්‍යාත්මක ප්‍රතිචාර සහ චිත්‍රපට දර්ශන අතර ද වෙනස්කම් කිහිපයක් පෙන්නුම් කරන ලදී. අවසාන වශයෙන් සංඛ්‍යාන පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ත්‍රිමාණ සහ ද්විමාණ දර්ශන කෙරෙහි මිනිසුන් දක්වන මානසික මෙන්ම කායික ප්‍රතිචාරයන් අතර තිබූ එකම වෙනස්කම වූයේ ත්‍රාසය මුසු චිත්‍රපට දර්ශනයන් කෙරෙහි මිනිසුන් දැක්වූ ප්‍රතිචාරයයි. මේ පිළිබදව පර්යේෂකයන්ගේ මතය වන්නේ ත්‍රිමාණ චිත්‍රපට දර්ශන ඉතා ඉහළ විභේදන බලයකින් (High Resolution) යුක්ත වීම බවයි.
0 Comments