Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?


Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට
නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත්

එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩ තිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව
නැත‍හොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව
ලැබෙන Options වන Refresh  සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය
නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි.


මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ඔබ මෙම දෝශය පැනනැගුණ පරිගණකයට Windows
ස්ථාපනය කළ DVD එකත් ඔබ සතුව තිබීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවේදී DVD Writer තුලට ඇතුළු
කරන්න.

දැන් Boot වන අවස්ථාවේදී ඔබ භාවිතා කරන Keyboard Language එක පිිළිබදව විමසනු ඇති අතර එය
ඔබගේ භාවිතය පරිදි select කර Next කරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Repair your Computer" තෝරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Troubleshoot" තෝරන්න.

ඉන්පසුව "Advanced Options" තෝරන්න.


අවසානයේදී "Command Prompt" තෝරන්න.


දැන් අනුපිළිවලින් මෙම විධානයන් type කර Enter කරන්න.


bootrec /fixmbr


bootrec /fixboot 


bootrec /RebuildBcd

ඉන්පසුව ස්වල්ප‍ වේලාවකින්  අනතුරුව ඔබගේ පරිගණකයේ ඇති කුමන
Windows ස්ථාපනයක් අදාල ක්‍රියාකාරීත්වය සදහා සකස් කළ යුතු දැයි විමසමින් අසන අවස්ථාවේ එක් Windows
ස්ථාපනයකට වඩා වැඩි අවස්ථාවක නම් දැක්වෙන අංකය සටහන් කර Yes සදහා Y අකුර යොදා ගත යුතු අතර
එක් ස්ථාපනයක් පමණක් නම් Y අකුර පමණක් යොදා Enter කළ යුතුය.



අවසාන වශයෙන් Command Prompt අවස්ථාවෙන් ඉවත්වීමට Exit යන්න Type කර Enter කරන්න.
ඉන්පසුව පරගණකය Reboot කරවීමට අවශ්‍ය මුහුණත කරා ඔබව රැගෙන ගිය පසුව Reboot වූ පසුව Automatic
Repair වීම වෙනුවට යථා පරිදි පරිගණකය Boot වීම සිදුවිය යුතුවේ.






















Post a Comment

0 Comments